Colombo Today Local News

මෛත්‍රී – රනිල් දෙමල ජාතික සංවිධානයට දුන් පොරොන්දු ගැන සුමන්තිරන්ගේ ප්‍රකාශය

යෝජිත කැබිනට් සංශෝධනයෙන් පසුව දෙමල ජනතාවගේ ගැටළුව විසඳීමට ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා පොරොන්දුවූ බවත් කැබිනට් සංශෝධනය අවසන් වන තුරු තමන් බලාසිටින්නේ ඒ වෙනුවෙන් බවත් ද්‍රවිඩ ජාතික සන්ධානය සඳහන් කරයි.

යාපනයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ද්‍රවිඩ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මේ බව පැවසීය.

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා දමිල ජනතාව දායකත්වය ලබාදුන් බවත් එසේම ආණ්ඩුව දමිල ජනතාවගේ ප්‍රශ්නය විසඳනු ඇති බවට බලාපොරොත්තුවක් තිබූ නමුත් මේ වන තුරු ආණ්ඩුව ඒ සඳහා මැදිහත්ව නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රජය සමඟ එකඟවීමෙන් තොරව හෝ දෙමල ජනතාවගේ ගැටළුව විසඳා ගැනීම සඳහා ඉදිරයට යාමට සුදානම් බව 2015 ට පෙර තෛපොංගල් දින පැවති පක්ෂ මහ සමුළුවේදී ගනුලැබූ තීරණය පවා කල්දමා බලාසිටියේ මේ ආණ්ඩුව එය ඉටුකාරාවිය යන විශ්වාසයෙන් වුවත් දැන් එම බලාසිටීමේ කාලය ඕනවාටත් වඩා ඉක්ම ගොස් තිබෙන බවද ඔහු පවසයි.

මේ ආකාරයට තවදුරටත් දමිල ජනතාවගේ ප්‍රශ්නය නොසළකා ආණ්ඩුව කටයුතු කළහොත් පවතින එකඟතාව ආණ්ඩුව සමඟ පවත්වා ගැනීමට නොහැකි වනු ඇති බවද මන්ත්‍රීවරයා පවසා ඇත.

Related posts

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය 2024දී

Admin

එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයන් හිඟයක් නෑ. 10ක් ඉන්නවා.

colombotoday

හරව හරව ගහනව.. උඩ පැන පැන ගහනව.. වට්ටලා නැගිට්ටවල ගහනවා.. දිගටම ගහන්න

colombotoday

ජනපතිගේ හෙළිදරව්ව පැය 24න් බොරු වෙයි.. චන්ද්‍රිකාගේ සමරු ඵලකය තවමත් නෙළුම් පොකුණේ යහතින්

colombotoday

STF නිලධාරීන් දස දෙනෙක්ට කොවිඩ්

colombotoday

ඇමති චම්පික ඉදිරිපත් කල හෙළ උරුමේ ගෝලයන්ට දරුණු පරාජයක්

colombotoday