Colombo Today Local News

දෙමළ සන්ධානය මැයි 19 නන්දිකඩාල් යයි

යුද්ධයේ අවසන් දින කිහිපයේදී මියගිය වැසියන් සිහිකිරීම සඳහා උතුර – නැඟෙනහිර සෑම දිස්ත්‍රික්කයකම මැයි මස 19 වැනිදා සමරු උත්සව පැවැත්වීමට දෙමළ ජාතික සන්ධානය පියවර ගෙන තිබේ.

මුලතිව්, නන්දිකඩාල් කළපුව අසල ප්‍රධාන සමරු වැඩසටහන පැවැත්වෙන අතර මියගිය ප්‍රභාකරන් ඇතුළු සියලුම දෙනා සිහිපත් කරමින් එහිදී පහන් දැල්වීමට නියමිතය. මේ ආකාරයටම උතුරු, නැඟෙනහිර සුදුසු ස්ථාන තෝරාගෙන යුද්ධයේදී මියගිය පිරිස සැමරීමට සමරු වැඩසටහන් පවත්වන ලෙස දෙමළ ජාතික සන්ධානය ප්‍රාදේශීය සභා නියෝජිතයන්ට හා ඔවුන්ගේ දේශපාලන ක්‍රියාධරයන්ට දැනුම්දී තිබේ. මේ පිළිබඳ විමසූවිට දෙමළ ජාතික සන්ධානය කියා සිටියේ යුද්ධයේදී මියගිය පිරිස අතර එල්.ටී.ටී.ඊ.

සාමාජික සාමාජිකාවන් මෙන්ම සාමාන්‍ය වැසියන්ද දහස් ගණනක් සිටි බවයි. මේ සියලු දෙනාම සැමරීම සඳහා දෙමළ ජනතාවටත්, දෙමළ ජාතික සන්ධානයටත් අයිතියක් ඇති බවද දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයා කියා සිටියේය.

Related posts

සත්ත්ව සුබ සාධනයට පනත් කෙටුම්පතක්

colombotoday

බත් පාර්සලයයි – ප්ලේන්ටියයි ගණන් උස්සයි

colombotoday

ආණ්ඩුව බහුතර බලය ඕනෑම අවස්ථාවක පෙන්වීමට සූදානම්

colombotoday

ලංකාවෙන් ලෝකයට යන පළමු UAV ගුවන් යානය මෙන්න !

colombotoday

ලංකාවට ඇවිත් බෙහෙත් දෙන ඉන්දියානු හොර දොස්තරලා ගැන විමර්ශන

colombotoday

හරක් කටාට අධිකරණ නියෝගයක්

Admin