බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩ අත්තේ ඥානසාර හිමිට ලැබී තිබෙන සිර දඬුවමට පසුබිම් වූ කරුණු පිළිබඳව අද (26) බොදු බල සේනා මහ ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපති නීතිඥ ටිරන්ත වලලිය්ද්ද මහතා අදහස් ප්‍රකාශ කර සිටියා.
සැහෙන්න දෝෂාරෝපණ ප්‍රමාණයක් ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට තිබුනා
ඥානසාර ස්වාමින් වහන්සේ විසින් 2016 ජනවාරි 25 වනදා අධිකරණයට අපහාස කළායැයි චෝදනා මත වරදකරු වී අවුරුදු 6කින් ගෙවී යන පරිදි වසර 19ක සිර දඬුවමක් නියම වූ සිද්දිය පිළිබඳව යම් කරුණු දැක්වීමක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඔබ තුමාලට මතක ඇති මේ සිද්ධිය ඇතිවූ කාලයේදී සහ දඬුවම් දුන් කාලයේදී සැහෙන්න දෝෂාරෝපණ ප්‍රමාණයක් ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විරුද්ධව තිබුනා. ඒ දෝෂාරෝපණ නිසා සැහෙන්න පීඩනයකට පත්වුනා අපේ අධිකරණය. මම විශ්වාස කරනවා ඔය දෝෂාරෝපණ අධිකරණයට කලේ වගකීමක් නැතිව ජාත්‍යන්තරය ඉරිරිපිට අපේ අධිකරණවලට සිදුවන විනාශය පිළිබඳව සැලකිල්ලක් නොදක්වා ඒ අයගේ ප්‍රතිරූපය ජනතාව හමුවේ නංවා ගැනීමට අවශ්‍ය උදවියයි.
රට ගැන හිතලා ජිනීවා වෙත පැමිණිලි කරන්න එපා කියලා ඥානසාර හිමි කිවුවා
එක්නැලිගොඩ පාර්ශවය විසින් ජිනීවා වෙත ගොස් මහා ආන්දෝලනයක් කළා යුක්තිය ඉෂ්ඨ වෙන්නේ නෑ කියලා. ඥානසාර ස්වාමීන් වහන්සේටද මේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත්වී තිබුනා, ඔබවහන්සේද ජිනීවා වෙත පැමිණිල්ලක් කරන්න කියලා. ස්වාමින්වහන්සේගේ මතය වුවේ එහෙම කරන්න එපා. මොකද එහෙම උනොත් අපේ අධිකරණ හෑල්ලු වෙනවා. අපේ තියෙන ප්‍රශ්න අපේ අධිකරණ මගින් විසඳගමු, විදේශ අධිකරණ මෙහෙට එන්න ඕනි නෑ කියලා. මොකද එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පිටරට විනිදුරුවරු ලංකාවට ගෙන්න විශාල උත්සහයක් ගන්නවා. ඒකට ඥානසාර ස්වාමින් වහන්සේ සුදානම් නෑ. උන්වහන්සේ කිවුවේ පිටරට අධිකරණ අපේ රටට අවශ්‍ය නෑ කියලා.
පංච පුද්ගල හෝ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීම
ඥානසාර හිමි අපිට උපදෙස් දීලා තිබෙනවා මේ නඩු තීන්දුවයි දඬුවමයි පිළිබඳව පංච පුද්ගල හෝ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණයට යලි ඉදිරිපත් කරන්න කියලා. ඒ පිළිබඳව සලකා බලමින් සිටිනවා. තවමත් ඒ පිළිබඳව තීරණයක් ගෙන නෑ. ඒ නිසා ලබා දුන් නඩු තීන්දුවත් දණ්ඩනය පිළිබඳවත් මම මේ වෙලාවේ ප්‍රකාශයක් කරන්න සුදානම් නෑ.
එදා හෝමාගම අධිකරණයේදී මොකද වුනේ?
මම පෙන්වා දෙන්න කැමති මේ සිද්ධිය සිද්ධ වුනේ කොහොමද කියලා. මෙතැන සිද්ධවුනේ… ඔය විත්ත්කරුවන් ලෙස චෝදනා එල්ල කර සිටියේ යුධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා නිලධාරීන් පිරිසකට. එහි ප්‍රධාන සැකකරු වුවේ කර්නල් ෂම්මි කරුණාරත්න. සන්නද්ධ බුද්ධි බලකායේ නැගෙනහිර ප්‍රධානියා. ඒ අය එදා නඩුව කැඳවන විට සිටියේ රිමාන්ඩ් බාරයේ. ඥානසාර ස්වාමීන් වහන්සේ කලේ මෙච්චරයි… ඉතාමත්ම ගෞරවයෙන් අධිකරණයෙන් අවසර පතලා… “මට යම් දෙයක් කියන්න ඉඩ දෙන්න” කියලා ඉස්සර වෙලා අවසර ගත්තා… ඊට පස්සේ උන්වහන්සේ කලේ.. අපි.. ඔබලා… රට… වෙනුවෙන් ජිවිත කැප කරලා, සටන් වැදිලා, රට බේරගත්ත මේ රණවිරුවන්, කිසිම සාක්ෂියක් නැතිව මිනීමැරුම් චෝදනා යටතේ සිරගත කරන එක සම්බන්ධයෙන්, ස්වාමින් වහන්සේ විනිසුරුතුමාගෙන් විමසුවේ “මේ නිලධාරීන්ට ඇප දෙන්න ක්‍රමයක් නැද්ද?” කියන එක විතරයි. ස්වාමින්වහන්සේ සහ විනිසුරුතුමා අතර සංවාදයක් ඇති වුනා. ස්වාමින්වහන්සේ විනිසුරුතුමා සමග බොහොම සාමකාමී සංවාදයක යෙදී හිටියේ. ඊට පස්සේ නඩුකාරතුමා කිවුවේ මගේ අත්දෙක නීතියෙන් බැඳලා තිබෙන්නේ. මිනීමැරුම් චෝදනා තිබෙනවානම් මට ඇප දෙන්න බෑ කියලා. මහේස්ත්‍රාත්තුමා හරි… මිනීමැරුම් චෝදනා යටතේ බී වාර්තාවක් සමග සැකකරුවන් ඉදිරිපත් කලොත් මහේස්ත්‍රාත් තුමාට ඇපදෙන්න බෑ…
දැන් මෙ තත්වය යටතේ මහේස්ත්‍රාත්තුමා සහ පැමිණිලි පාර්ශවය අතර ඇතිවූ සංවාදයෙන් ඔබතුමාලට තේරෙයි, ඇයි මෙතන මේ… කැළඹිලිකාරී තත්වයක් ඇතිවුනේ කියලා. මොකද මිනීමැරුම් චෝදනාවලට යටත් කරන්න මේ කර්නල් කරුණාරත්නටවත් බුද්ධි අංශයේ කට්ටියටත් විරුද්ධව කිසිම සාක්ෂියක් තිබුනේ නෑ. රිමාන්ඩ් කරාට පස්සේ කර්නල් කරුණාරත්නයි බුද්ධි අංශයේ අයයි ඥානසාර ස්වාමින් වහන්සේ හිටපු තැන පහුකරලා යනකොට කර්නල් කරුණාරත්න වැඳලා තියෙනවා. එහෙම වදිද්දී කර්නල් කරුණාරත්නගේ ඇස් දෙකෙන් වැටුණු කඳුළු ඥානසාර ස්වාමින්වහන්සේගේ අත්දෙකට වැටුනා. එතකොට තමයි ඥානසාර ස්වාමින්වහන්සේ නැගිට්ටවුනේ. මේක සක්ෂිවලත් සටහන් වෙලා තියෙනවා. ඒකයි ඔතන සිද්ධ වුනේ. ඔය කියන සංවාදය පටන් ගත්තේ එතනින්. එතනින් තමයි ඥානසාර ස්වාමින්වහන්සේ නැගිටලා “මේ සැකකරුවන්ට ඇප දෙන්න ක්‍රමයක් නැද්ද ස්වාමීනි?” කියලා ඇහුවේ. ඔය සංවාදයට මහේස්ත්‍රාත්තුම අර විදිහට කිවුවහම, “හොඳයි අපි පාර්ලිමේන්තුවට ගිහිල්ලා විසඳගන්නම්” කියලා ස්වාමින් වහන්සේ කිවුවා. තව දෙයක් කිවුවා “මගේ අතින් වරදක් වුනානම් සමාවෙන්න ස්වාමීනි” කියලත් කිවුවා. එලියට යනකොට තමයි පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් දෙදෙනා ඕක ඇතුලට කඩා පැනලා මෙතන විශාල ආන්දෝලනයක් ඇති කලේ. ඥානසාර ස්වාමින් වහන්සේට බොහොම ප්‍රචණ්ඩ විදිහට බැනලා අපහාස කරලා එතන බොහොම කැළඹිලිකාරී තත්වයකට පත්කරා. එතැනදී තමයි එලියට යමින් සිටි ඥානසාර ස්වාමින් වහන්සේ ආපසු හැරිලා කිවුවේ “මේ නපුන්සක ආණ්ඩුවේ නිලධාරීන් තමයි මේකට වගකියන්න ඕනි” කියලා. එකට චෝදනා කලේ ස්වාමින් වහන්සේ “නපුන්සක රාජ්‍ය නිලධාරීන්” කියලා කිවුවා කියලා. එහෙම නෙවෙයි කිවුවේ. ඊට පස්සේ ස්වාමින් වහන්සේ එතනින් ගියා. ඒ ශබ්දය නිසා බොහෝ සාමකාමීව තිබුණු ස්ථානය විශාල කැළඹිලිකාරී තත්වයකට පත්වුනා.. ඒක ඇති කලේ ඥානසාර ස්වාමින් වහන්සේ නෙවෙයි.. පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත්වූ නීතිඥවරු දේපලයි. ඒකට වගකියන්න ඕනි ස්වාමීන් වහන්සේ නෙවෙයි ඒ අයයි. මේ සම්බන්දයෙන් සාක්ෂි අභියාචනාධිකරණයේදී ඉදිරිපත්වී තිබෙනවා.
ඥානසාර හිමිට විරුද්ධව වරෙන්තු නිකුත් කලේ පැමිණිල්ල මෙහෙයවූ නීතිඥ දෙපලගේ බලපෑමට
ඥානසාර ස්වාමීන් වහන්සේ එතැනින් ගියාට පස්සේ මේ නීතිඥ දේපල එතැන ලොකු ආන්දෝලනයක් කරමින්, කැ කෝ ගසමින්, “අයිතියක් නැතිව කතා කළා” කියලා මහා හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා “වරෙන්තු නිකුත්කරන්න.. අධිකරණයට අපහාස කරා” කියලා ආන්දෝලනයක් ඇති කරා. අන්තිමට ලොකු ඝෝෂාවක් ඒ අය නැගුවා..ගරු මහේස්ත්‍රාත්තුමාට එකම විකල්පයයි තිබුනේ.ඒ වරෙන්තුවක් නිකුත් කරන එක. මහෙස්ත්‍රාත්තුමා ඒක කළා. මේ අය මෙතන කැ කෝ ගැහුවේ නැත්නම් කවදාවත් ඔය වරෙන්තුව නිකුත් කරන්නේ නෑ. මොකද ඥානසාර ස්වාමින් වහන්සේ සහ මහේස්ත්‍රාත්තුමා අතර බොහොම සාමකාමී සංවාදයක් ගියේ. ඉතිං මෙතන අධිකරණයේ කලබලයක් කලේ ඔය නීතිඥ ජෝඩුවයි.
ඥානසාර හිමි අධිකරණයට අපහාස කලේ නෑ
දැන් මම කිවුවා වගේ ඔය කාලයේ අධිකරණවලට විශාල දෝෂාරෝපණයක් එල්ල වුනා නොයෙක් නොයෙක් ආකාරයෙන්. අධිකරණ සැහෙන්න පීඩාවකින් වැඩ කලේ. ඒ රැල්ලට තමයි ඥානසාර ස්වාමින් වහන්සේ යට වුනේ. ඒක කලේ අධිකරණය නෙවෙයි, ඔය කියන නීතිඥ මහත්වරු. මොකද ඥානසාර ස්වාමින් වහන්සේ කිසිම අවස්ථාවකදී අධිකරණයට හිත රිදෙන වචනයක් කිවුවෙවත් අපහාසයක් කළේවත් නෑ… ඥානසාර ස්වාමින් වහන්සේ කිවුවේ එතන කෑ ගහපු දෙන්නට.
මියගියාදැයි නොදන්නා එක්නැලිගොඩ වෙනුවෙන් හමුදාවට මිනීමැරුම් චෝදනා
දැන් මම කියන එක ඇහුනාම ඔබතුමාලටත් කේන්ති යයි. දැන් මම කියවන්නම් එදා මහස්ත්‍රාත් උසාවියේ වෙච්ච දේවල්. මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගත්ත සහතික පිටපත්වලින් මම මේ උදෘත ගත්තේ.
මහේස්ත්‍රාත් තුමා අහනවා, “මේ නඩුවට අදාලව අතුරුදහන් වුවේ යැයි කියනු ලබන ප්‍රගීත් එක්නැලිගොඩ මහතා මියගොස් ඇතිබවට කිසියම් සාක්ෂියක් මේ නඩුවට අදාළ පරීක්ෂණවලදී සොයාගෙන තිබෙනවාද?”
මේ බලන්න ඒකට පිළිතුරු පිටු 3ක් තියෙනවා. ඊළඟ ප්‍රශ්නයෙන් තේරෙයි මේ පිටු තුනෙන් දුන්න පිළිතුරු මොනවද කියලා. පිළිතුරු කියවන්න මම වෙලාව ගන්නේ නෑ.
ඊළඟ ප්‍රශ්නෙන් මහ්ස්ත්‍රාත් තුමා රජයේ නීතිඥවරයාගෙන් අහනවා, “මම අහන්නේ ඒ පිළිබඳව යම් සාක්ෂියක් අනාවරණය කරගෙන තිබෙනවාද?”
මේ බලන්න ඒක පිළිතුරු. ඒකට පිළිතුර මොකද්ද කියල තේරෙයි මේ ප්‍රශ්නයෙන්.
ඊළඟ ප්‍රශ්නය ගරු මහේස්ත්‍රාත් තුමා අහනවා “මම අහන්නේ මේ පුද්ගලයෙක් මියගොස් ඇතැයි කියලා නිශ්චිත නැති අවස්ථාවක සැකකරුවන් 296 වගන්තිය යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට නීතියෙන් ඉඩක් තිබෙනවද?”
මහේස්ත්‍රාත් තුමා අහන්නේ මිනි මැරුමක් ගැන සාක්ෂි නැත්නම් ඒගොල්ලන් කොහොමද මිනීමැරුම් චෝදනා යටතේ මෙතනට ගෙනාවේ කියලා.
ඊට
පස්සේ රජයේ නීතිඥවරයා කියනවා නීතියෙන් ඒකට කිසිම තහනමක් නෑ කියලා. ඒ
කියන්නේ මිනීමැරුම් චෝදනාවලට කිසිම සාක්ෂියක් නැතිව අධිකරණයට ඉදිරිපත්
කරන්න නීතියෙන් කිසිම තහනමක් නෑ කියලා. ඒකට නිතිය දැනගත්තේ නැති උනාට ඔබ
තුමාලට කියන්න පුළුවන්නේ සිහිබුද්ධියෙන් මේක හරිද වැරදිද කියලා.
ඊට පස්සේ කියනවා “ස්වාමිනි කිසිම තහනම් නෑ. අපේ දණ්ඩනීති සංග්‍රහයේ ඊට අදාළ නෛතික තත්වයන් මා අපේක්ෂා කලේ නෑ ඔබතුමාගේ අධිකරණයේ ඉදිරියේ අද මේ වගේ ගැටළුවක් මතුවෙයි කියලා.”
එහෙනම් කොහොමද ඔය චෝදනා සාක්ෂි නැතිව ඉදිරිපත් කලේ
ඊට පස්සේ මහේස්ත්‍රාත් තුමා අහනවා “අඩුම තරමේ කොහේ හරි තැනක නීතියේ පුර්ව නිගමනයක් තිබෙනවද යම්කිසි පුද්ගලයෙක් මෙච්චර කාලයක් අතුරුදහන් උනහම ඔහු මියගිය පුද්ගලයෙක් ලෙස පුර්ව නිගමනයක් කල හැකියි කියලා”.
එකටත් නිශ්චිත පිළිතුරක් රජයේ නීතිඥයා දෙන්නේ නෑ.. ඒ බව මහේස්ත්‍රාත්වරයාගේ මීළඟ ප්‍රශ්නයෙන් තේරෙයි.
“මගේ ප්‍රශ්නය යම්කිසි පුද්ගලයෙක් මියගිය බව නිශ්චිත නැති අවස්ථාවකදී 296 වගන්තිය යටතේ සැකකරුවන් ඉදිරිපත් කරන්න පුලුවන්ද කියලා.”
මහේස්ත්‍රාත් තුමා අයෙත් අහන්නේ සාක්ෂි නැතිව මිනීමැරුම් චෝදනා කරන්න පුලුවන්ද කියන එක. ඒකටත් මේ බලන්න දීර්ඝ පිළිතුරු දෙනවා.
ඊට පස්සේ අහනවා “අපි හිතමු ඔය මියගිහින් නැත්නම් ඔය…මිය ගියා කියලා නිශ්චිතව අපිට කියන්න බෑනේ…”
මහේස්ත්‍රාත් තුමා කියන්නේ මියගිහින් නැත්නම් අපිට කියන්න බෑනේ මියගිහින් කියලා.
රජයේ මහත්තයා කියනවා එහෙම කියන්න බැහැ කියලා…
ඔන්න ඕකයි මහත්වරුනි මහේස්ත්‍රාත් තුමයි රජයේ නීතිඥයයි අතර සංවාදය. දැන් ඔබතුමාලට යම් කැළඹිලි තත්වයක් ඇතිවෙනවා නේද මේ වගේ වැඩ කරනවද කියලා. මහේස්ත්‍රාත්තුමාම අහනවනේ සාක්ෂි නැතුව මේ නඩුව කරන්න පුලුවන්ද කියලා.
ඔය සේරම බොහොම සාමකාමිව ඥානසාර ස්වාමින්වහන්සේ අහගෙන හිටියා.
CID එක පිළිතුරු දෙන්නෙත් ඒ විදිහටමයි.
මිනීමැරුම පැත්තකින් දාන්නකෝ එක්නැලිගොඩ මැරිලද කියලවත් සාක්ෂියක් නෑ. ඔප්පු කරන්න බෑ.
ඊට පස්සේ බලමු වැදගත්ම ප්‍රශ්නය. CID එකෙන් මහේස්ත්‍රාත් තුමා අහනවා “මේ නඩුව සම්බන්දයෙන් මිනීමැරුම් චෝදන්වක් නැත්නම් මට ඇප ලබාදීමේ අධිකරණ බලයක් මට තිබෙනවාද? “
CID එක කියනවා “ඔව්”
ඊට පස්සේ මහේස්ත්‍රාත් තුමා කියනවා “ඇප ලබා දීමේ අධිකරණ බලය නැතිවෙලා තිබෙන්නේ මිනීමැරීමේ චෝදන්වක් නිසා. මිනීමැරුම් චෝදනාවක් තිබෙන්න මනුස්සයා මැරිලද කියලා ප්‍රශ්නයක් තිබෙනවා.”
එතුමා කිවුවේ මට ඇප දෙන්න බෑ මිනීමැරුම් චෝදනාවක් තිබෙන නිසා. ඒ නිසා සැකකරුවන් ආයෙත් රිමන් කළා.
මුළු අධිකරණයම ඒ වෙලාවේ නිශ්ශබ්ධ වෙලා තිබෙනවා මොකද්ද මේ උනේ කියලා.
ඊට පස්සේ තමයි කර්නල් කරුණාරත්නලා ඇවිල්ලා ඥානසාර ස්වාමින්වහන්සේට වැන්දේ ස්තුති කියලා. ඊට පස්සේ තමයි ස්වාමින් වහන්සේ නැගිට්ටේ.
අනිත් එක මතක තියා ගන්න මේ පිළිබඳව කර්නල් කරුණාරත්න මෙතනට උනත් ඇවිල්ලා සාක්ෂි දෙන්න ලෑස්තියි.
මේ වගේ අසාධාරණ චෝදනා මත රට වෙනුවෙන් ජීවිතය දුන්න මේ අයට මෙහෙම කරන එක සාධාරණද?
ඔබතුමන්ලා එතන හිටියනම් ඔබතුමන්ලත් නැගිටිනවා මොකද්ද මේ රජයෙන් කරන වැඩේ කියලා.
මට අහන්න තියෙන්නේ “තවදුරටත් ඥානසාර ස්වාමින් වහන්සේ සිරගෙදර තබාගැනීම සාධාරණද?”
දැන් තියෙන තත්වය හැටියට “ඥානසාර ස්වාමින් වහන්සේ මේ වගේ හිරබත් කෑම බොහොම අසාධාරණයි.” තව අවුරුදු 5ක් විතර ඉන්න තියෙනවා.
තව දෙයක් තියෙනවා මේ ඥානසාර ස්වාමින්වහන්ස කියන්නේ කවුද? ඥානසාර ස්වාමින්වහන්සේගේ ඉතිහාසය කෙටියෙන් කිවුවොත් හමුදා නිලධාරීන්ට සහ බුද්ධි නිලධාරීන්ට කොටි ගහන බැරෑරුම් කාලයේ ලොකු උපකාර කරලා තිබෙනවා. සල්ලි එකතු කරලා ඉස්පිරිතාල හදලා දීලා තිබෙනවා. පන්සලේ තිබ්බ බඩු කඳවුරුවලට ගිහින් දීලා තිබෙනවා මේක පාවිච්චි කරන්න කියලා. රට වටේ බෝධි පුජා පැවැත්තුවා. හමුදාවේ අයගේ දරුපවුල්වලට අවශ්‍ය දේවල් ලබා දුන්නා.