Colombo Today Local NewsHot News

හිංදු විද්‍යාලයේ මුස්ලිම් ගුරුවරුන්ට අන්තවාදී ඇඳුම්. සිද්දිය පිටුපස ත්‍රිකුණාමලයේ මුස්ලිම් දේශපාලකයෙක්

ත්‍රිකුණාමලය ශන්මුගා හිංදු බාලිකා විද්‍යාලයේ සේවය කරන මුස්ලිම් ගුරුවරු සෞදි අරාබියානු මුස්ලිම් කාන්තා ඇඳුම් ලෙස සැලකෙන කළු පැහැති “අබායා” ඇඳුමෙන් සැරසී පැමිණීම හේතුවෙන් පාසල තුල නොසන්සුන්තාවයක් ඇතිවී තෙබෙන බව හිංදු සම්මේලනය ප්‍රකාශ කර සිටිනවා. එම සංවිධානයේ සභාපති එන්. අරුන්කාන්ත් මහතා සඳහන් කර සිටියේ, පාසලේ සංස්කෘතියට නොගැලපෙන ඇඳුමින් සැරසුණු ගුරුවරුන් අනුමත කිරීමට තමන්ට නොහැකි බව විදුහල්පතිවරයා ඔවුන්ට දන්වා ඇති බවයි.

පසුගිය දශක දෙක තුල මුස්ලිම් ගුරුවරු සාරිය සහ ස්කාවෙන් සැරසී පැමිණ සේවය කල බවත්, අන්තවාදී මුස්ලිම් පිරිසක් සහ ත්‍රිකුණාමලයේ අන්තවාදී මුස්ලිම් දේශපාලකයෙක් ගුරුවරු අන්තවාදයට යොමු කරමින් දේශපාලන වාසි ගනිමින් සිටින බව අරුනකාන්ත් මහතා පැවසීය.

මෙම සිදුවීමත් සමගම මුස්ලිම් අන්තවාදී පිරිසක් පාසලට කඩාවැදී විදුහල්පතිවරයාට තර්ජනය කර ඇති බවත් හිංදු සම්මේලනය සහ පාසලේ දෙමව්පියන් එකතුව අන්තවාදී ක්‍රියාවට විරෝධය දක්වමින් උද්ඝෝෂණය කල බවත් මෙම සිදුවීම පිලිබදව පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමට පියවර ගත් බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියාය.

Related posts

ඉන්දීය කජු නිසා දේශීය කජු ව්‍යාපාරය අනතුරේ… දේශීය නිශ්පාදකයෝ මහ පාරට වැටෙති…

colombotoday

පරාක්‍රමබාහූ රජුගෙන් පසු සහලින් රට ස්වයංපෝෂිත කලේ මමයි…

colombotoday

චම්පික රණවක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

colombotoday

ජන්ද කොට්ඨාස 19 ඡන්ද දැන්වීම් පත්‍රිකාව වෙනස්

Admin

නව රාජ්‍ය අමාත්‍යවරු 21 ක් දිවුරුම් දෙයි….

colombotoday

යාපනයේ පාසලක ක්‍රීඩා උළෙලක ඊළාම් සිතියමක්

colombotoday