Colombo Today Local News

TID යේ LMG අවි දෙක පිටකරේ ඩී.අයි.ජී. නාලකගේ උපදෙස් පිටයි – CID ය අධිකරණයට දන්වයි

ත‍්‍රස්ත විමර්ශන ඒකකයට නිකුත් කර තිබූ එල්. එම්. ජී. වර්ගයේ ගිනි අවි දෙකක් නාලක ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි එම ඒකකයේ නිලධාරීන් දෙදෙනකු විසින් කිසිදු සටහනක් නොතබා පිටතට රැුගෙන ගොස් දින දෙකකට පසුව රැුගෙන ගිය රාජකාරිය කුමක් දැයි සටහන් කිරීමකින් තොරවම ආපසු භාරදී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05 වැනිදා* අධිකරණයට දැන්වීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා සහකාර පොලිස්‌ අධිකාරි ප්‍රසන්න අල්විස්‌ ඝාතන සැලසුමක්‌ ඇති බවට අනාවරණය කළ දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතාට හා ත්‍රස්‌ත විමර්ශන ඒකකය භාරව සිටි නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතාට ලබන 08 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොටුව මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (05 වැනිදා) පස්‌වරුවේ නියෝග කළාය.

මීටර් 800 ක්‌ දුරක සිට නිසි ඉලක්‌කයට ප්‍රහාර එල්ල කළ හැකි ස්‌වයංක්‍රීය වර්ගයේ එම ගිනි අවි දෙක ත්‍රස්‌ත විමර්ශන ඒකකයෙන් පිටතට ගෙන ගියේ කුමන කරුණක්‌ සඳහා ද? එම කාලය තුළදී ඒවා යම්කිසි අපරාධයකට භාවිත කළේ ද යන කරුණු අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්‌ මහතා එහිදී අධිකරණයට දැන්වීය.

Divaina

Related posts

කාන්තා සුදු ඇඳුම් තොගයක් අනුරාධපුරෙන් හමුවෙයි… පොහොර උරයක සගවා ගෙනා මුස්ලිම් දෙදෙනා අත්අඩංගුව…

colombotoday

“අපිට 113 නැතිනම් බලෙන් ඉන්නේ ඇයි?” – වෙල්ගම ප්‍රශ්න කරයි.

colombotoday

ගුණානුස්මරණ පිංකමේදී මල් වට්ටියක් 84000 කට වෙන්දේසි වෙයි

Admin

උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පනවනවා – යුද හමුදාපති

colombotoday

අපේ ඉංජිනේරුවන්ගේ සැලසුම කුණු කූඩෙට.. මිලියන 250 ව්‍යාපෘතිය මිලියන 2200කට චීනයට !

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ…

Admin