තිලංග සුමතිපාල මහතා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වන බව තමන්ට දැනුම් දුන් බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේය.
තමන් දේශපාලන කටයුතුවල යෙදෙන නිසා මෙසේ ඉල්ලා අස්වන්නේ යයි සුමතිපාල මහතා කියූ බවද කතානායකවරයා කියා සිටියේය.
සිය ඉල්ලා අස්වීම පිළිබද ලිපිය දැනට මාසයකට පමණ පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද යවා ඇති බවද ඔහු කීය.
නියෝජ්‍ය කතානායකවරයාට සිය කටයුතු කරගෙන යාමට ඉඩ නොදෙන්නේ යයි පාර්ලිමේන්තුවේදී එල්ල වූ චෝදනාවන්ට පිලිතුරු දෙමින් කතානායකවරයා මේ බව කියා සිටියේය.