Colombo Today Local News

ආණ්ඩු විරෝධීන් හිරකිරිමේ උගුලක්… මහින්ද අනතුරු අගවයි

විශේෂ අධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත පැහැදිලිවම ආණ්‌ඩුවට විරුද්ධව පෙනී සිටින ප්‍රබල දේශපාලන චරිත දඩයම් කිරීමේ හා නිශ්ශබ්ද කිරීමේ අරමුණින් ගෙන එන්නක්‌ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පැවසීය.

මෙම පනත හුදෙක්‌ සද්භාවයෙන් දේශපාලන සංස්‌කෘතිය පිරිසිදු කිරීමේ අවංක ෙච්තනාවකින් ගෙන එන්නක්‌ නොවන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා මෙමගින් උත්සාහ කරන්නේ අගවිනිසුරුවරයා සතු බලතල දේශපාලනඥයින් අතට ගැනීමක්‌ යෑයි ද සඳහන් කළේය.

වත්මන් නීතිය යටතේ අගවිනිසුරුවරයා සතු විශේෂ අධිකරණ පිහිටුවීමේ බලය මෙම සංශෝධන පනතින් ඇමැතිවරයකුට පැවරීමට සූදානම් වන බවත් මෙය අධිකරණය දේශපාලනීකරණය කිරීමට දරන උත්සාහයක්‌ බවත්, පැවසූ මහින්ද රාජපක්‌ෂ මහතා අධිකරණ බලතල පාවිච්චි කිරීමට ඇමැතිවරුන්ට කිසි ලෙස නොහැකි බව කීය.

මෙය හොරුන් ඇල්ලීමට නොව ආණ්‌ඩුවට විරුද්ධව පෙනී සිටින දේශපාලනඥයන් හිර කිරීමේ උපක්‍රමයක්‌ බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා හොරු සිටින්නේ කොහේදැයි ජනතාවට අද සක්‌සුදක්‌සේ පැහැදිලි බවද පැවසීය.

ඔහු මෙබව සඳහන් කලේ ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මතවූ අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

Related posts

කඩා දැමූ මංතිරු හදා දෙන බව ජෝන් ඇමති කියයි.. හදන්නේ අප්පගේ බූදලෙන්දැයි නොකියයි

colombotoday

“පොල් ගහන අයට ගොඩ යන්න බෑ.. නැට්ටෙන් ඉල්ලුවත් අලියා දිනනවා” – නලින් බණ්ඩාර

colombotoday

දූෂණ විරෝධී පනත 21වනදා විවාදයට

Admin

ණය සහන ගන්නවා

Admin

ඕනම උදව්වක් කරන්න චීනය ලෑස්තියි – චීන නියෝජ්‍ය විදේශ ඇමති ජනපතිට දන්වයි

colombotoday

මුදල් ඇමතිගෙන් කුඩම්මාගේ සැළකිලි.. එස්.බී ගෙන් මැසිවිලි (Video)

colombotoday