Colombo Today Local News

රනිල් එලවන සටන ඉවරයි.. ඔහුගේ කේන්දරය බලවත්… අපේ අවාසනාවද රටේ අවාසනාවද කියලා දන්නේ නැහැ

“අගමැතිවරයා යවන සටන ඉවරයි. අපේ අවාසනාවද රටේ අවාසනාවද කියලා දන්නේ නැහැ අගමැති දිනුවා. එයාගේ කෙන්දරය බලවත් වෙන්න ඇති. අගමැති යවන වැඩේ දැන් කෙරෙන්නේ නැහැ.” යැයි වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.

රූමස්සල වරාය නිවාඩු නිකේතනයේදී පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,

“විශ්වාසභංගයට අත්සන් කළ අයෙක් හැටියට මටත් මේක හොඳ පාඩමක්. එදා ගියා නම් පරදින්නේ ඡන්දයක් දීලා නෝන්ඩිවෙලා තමයි එළියට බහින්න ඕන. ඒ හින්දා මම ගියේ නැහැ. ආත්මගරුත්වය තියාගෙන එතනට ගිහින් පච වෙන්න අවශ්‍ය නැති නිසා. ඔය වගේ පච වැඩවලට අපි සම්බන්ධ වෙන්නේ නැහැ කියලා තීන්දු කළා.

අගමැතිතුමා ගෙදර යවන්නම තමයි අපි විශ්වාසභංග යෝජනාවට අත්සන් කළේ. ශ්‍රී.ල.නි.පක්ෂයේ හතළිස් දෙනාම නියෝජනය කරලා තමයි අපි හතර දෙනෙක් විශ්වාසභංග යෝජනාවට අත්සන් කළේ. සාකච්ඡා වට හතරක් විතර තිබුණා. අවසාන දවස දක්වාම විශ්වාසභංගයට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව තිබුණා. ඒක නැති කළේ 04 වැනිදා උදේ පාන්දර 9.00ට ශ්‍රී.ල.නි පක්ෂයේ මන්ත්‍රීවරු දෙකට බෙදුනා නිකන් නෙවෙයි විස්සක්.

අපි පරදින විශ්වාසභංගයකට නෙවෙයි අත්සන් කළේ දිනන විශ්වාසභංගයකට. කැඩිලා බිඳිලා ගිහින් වෙන් වූ විට හමුවෙන උත්තරය අපි දන්නවා. ඒ නිසා නයාට ගහලා පොල්ල වරද්දාගන්න අප කටයුතු කළේ නැහැ.

මෙම විශ්වාසභංගයට අත්සන් කරපු මට රුපියල් හතරක් වියදම් කරලා දුරකථන ඇමතුමක් දෙන්න කවුරුවත් කටයුතු කළේ නැහැ. අවසාන මොහොතේ මෙම පාප කර්මයට අත නොගහ අයින් වෙන්න තීන්දු කළා. නැති නම් මට සිද්ධ වෙන්නෙත් මොකක්ද වුණේ කියලා කල්පනා කර කර ඉන්න.

මෙකෙ ලස්සනම වැඩේ තමයි අපි අගමැති අපේක්ෂකයා හැටියට යෝජනා කරගෙන හිටියේ නිමල් සිරිපාලද සිල්වා ඇමතිතුමා. එතුමා ගියෙත් නැහැ ඡන්දය දමන්න. එතුමාත් මේක තේරුම් ගත්තා.

Related posts

බන්ධනාගාරගතව සිටින හෙරොයින් ජාවාරම්කරුවෙකුගේ සහෝදරියක් අත්අඩංගුවට

colombotoday

ජපනා රුපියල් කෝටි 350ක් ඉවත් කර ගනියි ! සෙලාන් බැංකුව අනතුරේ !

colombotoday

මහින්දානන්දගේ අමාත්‍යාංශ බලතල වැඩිවෙයි !

colombotoday

ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක්

colombotoday

ශරියා විශ්වවිද්‍යාලය හදන්න රජයේ ඉඩම් අක්කර 15ක් හොරෙන් අරන් !

colombotoday

නීති විරෝධීව රැස් කර විකුණන්න ගිය ඉන්ධන ලීටර් 1500ක් මාට්ටු

colombotoday