World

උරුම වනසන තලිබාන්වරු

ඇෆ්ගනිස්තානයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භූමි ප්‍රදේශ සැලසුම් සහගතව විශාල යන්ත්‍ර භාවිත කර විනාශ කර ඇති බව පර්යේෂකයින් කණ්ඩායමක් පවසන බවක් වාර්තා වේ.

එසේ විනාශ කර ඇති ස්ථානවල ඇතැයි අනුමාන කෙරෙන පෞරාණික වටිනාකමක් ඇති භාණ්ඩ සොයා සමහර පිරිස් කැණීම් සිදුකරන බව ද වාර්තා වෙයි.

චන්ද්‍රිකා ඡායාරූප භාවිතයෙන් සිදුකර ඇති එම පර්යේෂණයෙන් හෙළිවී ඇත්තේ 2021 වසරේ ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගත් තලිබාන්වරුන් සහ ඊට පෙර පැවති රජයේ පූර්ණ සහාය ඇතිව එම විනාශය සිදුකරන බවයි.

ක්‍රිස්තු පූර්ව 1,000ට පෙර ජනපද පැවති බොහෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන මේ වනවිට ඒ ආකාරයෙන් විනාශ කර ඇති බව චිකාගෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පවසයි.

මීට වසර 2,000කට පමණ පෙර බැක්ට්‍රියා හි ඉතා සශ්‍රික ව පැවති ප්‍රදේශයක් ලෙස එය සැලකෙන උතුරු ඇෆ්ගනිස්තානයේ බල්ඛ් ප්‍රදේශය දැඩි ලෙස විනාශ කර ඇති බවත් වාර්ථා වේ.

පුරාණ ඇෆ්ගනිස්තානයේ Achaemenid රාජධානිය තුළ පිහිටි ජනගහනය වැඩිම මෙන්ම ධනවත්ම ප්‍රදේශය වශයෙන් එම කලාපය හඳුනාගෙන තිබේ.

එබැවින් එහි බොහෝ වටිනා දේ භූගතව ඇතැයි සැලකෙයි.

Related posts

ජර්මනියේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

colombotoday

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් තවමත් ලෝක තර්ජනයක් – එක්සත් ජනපදය අනතුරු අඟවයි

colombotoday

ඉන්දුනීසියාවේ මිරාපි ගිනිකන්ද සක්‍රීය වෙයි

colombotoday

ඉන්දියාව මගී ප්‍රවාහන ගුවන් සේවා නවත්වයි

colombotoday

ලෝකයේ කොරෝනා ආසාධිත ප්‍රමාණය 664,192 දක්වා ඉහලට. පුද්ගලයින් 30,888 ක් මරණයට පත් වේ.

colombotoday

සිංහයකුගෙන් පහර කෑ සෙල්ෆි ගන්න ගිය තරුණයෙකු රෝහලේ…

Admin