Colombo Today Local News

සිසුවාට වෙඩිතැබූ ගුරුවරයා අත්අඩංගුවට

බංග්ලාදේශයේ වෛද්‍ය විද්‍යාලයක දී ආචාර්යවරයෙක් සිදුකළ වෙඩිතැබීමකින් වෛද්‍ය සිසුවෙක් තුවාල ලබා තිබේ.

ඔහුගේ වැඩ තහනම් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව සඳහන් ය.

මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ රයිහාන් ෂරීෆ් නම් එම ආචාර්යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් වෛද්‍ය සිසුන් විරෝධතා ඇරඹීමෙන් අනතුරුව ඊයේ (06) ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ දිනවල එම වෛද්‍ය විද්‍යාලයේ විභාග පැවැත්වෙන අතර එහිදී ෂරීෆ් සහ 23 හැවිරිදි වෛද්‍ය සිසුවා අතර ආරවුලක් හටගෙන ඇති අතර එම අවස්ථාවේදී ෂරීෆ් විසින් සිසුවාට වෙඩිතබා තිබුණි.

එහි උණ්ඩය සිසුවාගේ සාක්කුවේ තිබූ ජංගම දුරකථනයට වැදී ඇති අතර ඔහුගේ දණිස්සට සහ පාද තුවාල වී ඇති බව වාර්තා වේ.

Related posts

පාස්කු ප්‍රහාරය : ජනාධිපති කොමිසමේ වාර්තාව කතෝලික රදගුරු සමුළුවට

Admin

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

බසයක් පෙරලී 5කට තුවාල

Admin

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 75%කගේ රැකියා අහිමිවීමේ අවදානමක්

colombotoday

උද්ඝෝෂණ මඩින්න පොලිසිය කැරලි මර්දන බඩු එකතු කරයි

Admin

සිංහල මව්වරුන් වද කරන තරමට සාෆිගේ ගිණුමට සල්ලි ඇවිත් !!

colombotoday