Colombo Today Local News

“ලක්ෂ 1500ක් ලැබුණු, අත්හිටවූ බැංකු ගිණුම” වැඩේ ගොඩින් විසඳගෙන. මොකුත් වෙලා නෑ ආණ්ඩුවෙන් ප්‍රකාශයක්?

ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමැතිවරයෙකුගේ බැංකු ගිණුමක් මහ බැංකුව විසින් අත්හිටුවීවා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ඊයේ වාර්තාවූ පුවත අසත්‍යයක් බව ප්‍රකාශ කරන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නියෝග ලැබී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

මේ පුවත සම්බන්ධව බොහෝ දුරට අද (03) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචිමාර්ග පවසන්නේ.

මේ අතර, අදාළ ගිණුම සම්බන්ධයෙන් උද්ගතවූ තත්වය ඉහල මට්ටමින් විසඳාගැනීමට මේ වන විට කටයුතු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

වෙබ් අඩවි අනාවරණය කරතිබූ ආකාරයට විදේශයක සිට කෝටි 15ක මුදලක් අමාත්‍ය මලික් සමරවික්‍රමගේ බැංකු ගිණුමට බැර වී තිබීම නිසා මෙම පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත්, මෙතරම් විශාල මුදලක් ලැබුණේ කුමන කාරණාවකටදැයි තහවුරු කිරීමට ඇමතිවරයා අසමත් වීම මත ගිණුම අත්හිටුවා ඇති බවටත් සඳහන්විය.

ඒ සම්බන්ධයෙන් ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගෙන් මාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයකට මහ බැංකු අධිපතිවරයා දක්වා සිටියේ මෙවැනි ප්‍රතිචාරයක්ය.

‘මම හරියට දන්නේ නැහැ. නමුත් මට මෙහෙම කියන්න පුළුවන්. මූල්‍ය බුද්ධි ඒකකය සම්පූර්ණයෙන් ස්වාධීනයි. එතකොට ඒ අය පරීක්ෂණ කරලා බලයි එය සැකකටයුතු ගනුදෙනුවක් ද කියලා. මම මූල්‍ය අවභාවිතය පිළිබඳ සොයා බලන ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති විතරයි. එහෙම වුණාට මම දන්නේ නැහැ. ඒ නිසා මට අත ගහන්නවත් බැහැ.’

Related posts

කුසල් වෙනුවෙන් ගීතා සටනට

colombotoday

සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයින් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

කමිටු රැස්වීම් වලට නිලධාරින් කැඳවීම සීමා කරයි

colombotoday

කුරුණෑගල පල්ලිය ළග ගල්වළේ කඩු මන්නා පිහි තොගයක්

colombotoday

ජූලි 14 තෙක් හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නේ නෑ – නීතිපති

colombotoday

නවීන් දිසානායක සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයට

Admin