Colombo Today Local News

වෙළඳ නැවක සිටි කොරෝනායැයි සැක නාවිකයෙකු නාවික හමුදාව කොළඹ වරායට රැගෙන එයි.

ජාත්‍යන්තර බහාලුම් නෞකාවක් වන MSC TARANTO නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි නාවිකයෙකු හට කොරෝනා වෛරසය ආසාධිතයැයි සැක සහිත රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඉදිරි වෛද්‍ය පරීක්‍ෂණ සහ ප්‍රතිකාර කටයුතු සඳහා ඔහු ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව අද (2020 අප්‍රේල් 13) අළුයම් කාලයේදී කටයුතු කරන ලදි.

ලයිබීරියානු සමාගමකට අයත් බහාලුම් නෞකාවක් වන MSC TARANTO නෞකාවේ රාජකාරි කරමින් සිටි නාවිකයෙකු හට කොරෝනා වෛරසය ආසාධිතයැයි සැක සහිත රෝග ලක්‍ෂණ හේතුවෙන් ප්‍රථිකාර සඳහා යොමු කිරීමට ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගන්නා ලෙස ආදල නෞකාව වෙත සේවාවන් සපයන දේශීය සමාගම වන MSC ලංකා මගින් කොවිඩ් 19 නිවාරණය කිරීමේ ජාතික මෙහෙයුම් මධයස්ථානය වෙතින් ඉල්ලීමක් සිදු කරන ලදි. ඒ අනුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සෟජු අධීක්‍ෂණය යටතේ නාවික හමුදාව විසින් වයස අවුරුදු 36 ක් වන සෝලිස් රයන් මාගන් (Solis Ryan Magan) නම් පිලිපීන ජාතිකයෙකු මෙලෙස කොළඹ වරාය වෙත අද (2020 අප්‍රේල් 13) ගෙන්වා ගැනීමට කටයුතු කරන ලදි.

මෙහිදී, කොළඹ වරාය‍ට මුහුදු සැතපුම් 05 ක‍් පමණ ආසන්නයට පැමිණි එම නෞකාව වෙත ලගා වූ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් එම රෝගී පුද්ගලයා (01) සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ගොඩබිමට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලද අතර, පසුව වරාය පරිශ්‍රය තුළදීම පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමෙන් අනතුරුව සුවසැරිය ගිලන් රථ සේවාව හරහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

මෙවැනි අවස්ථාවක් ඇති වුවහොත් ඒ සඳහා මුහුණදීම සඳහා නාවික හමුදාව, වරාය අධිකාරිය සහ සුවසැරිය ගිලන් සේවය යන ආයතන ගනනාවක් සමග එකතුවී කොළඹ වරාය පරිශ්‍රය තුළදීම විධිමත් පෙරපුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබූ බැවින් සාර්ථකව මෙම කාර්යය සිදු කිරිමට හැකියාව ලැබුණු අතර, මෙය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ සුවසැරිය ගිලන් සේවයේ නොමද සහයෝගය නාවික හමුදාව වෙත ලබා දෙන ලදි .

Related posts

අල්ලස් ගත් ගොවිජන සේවා නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී

Admin

මොන භාරකාර ආණ්ඩුව පිහිටෙව්වත් රට විකුණන අය එක්ක මම එකතුවෙන්නෑ….

colombotoday

20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන අධ්‍යයනයට විශේෂඥ කමිටුවක්

colombotoday

ඇමති රිෂාඩ් – හිටපු ඇමති බැසිල් අධිකරණයට කැදවයි

colombotoday

සම්බා සහල් කිලෝවක් රු.30කින් හිතුමතේ ඉහළ දාලා

Admin

මිලියන 4ක් QR කේතය හරහා ඉන්ධන ගැනීමට ලියාපදිංචි වෙයි

colombotoday