Colombo Today Local News

සුනිල් පෙරේරාගේ අවසන් කටයුතු සඳහා සහභාගී විය හැක්කේ පවුලේ 5 දෙනෙකුට පමණයි.

‘ජිප්සීස්’ සංගීත කණ්ඩායමේ නායක සහ ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතාගේ මරණය කොවිඩ් නිව්මෝනියා තත්වය නිසා සිදු මරණයක් බවට තහවුරු වී ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා සඳහන් කරයි.

ඒ අනුව ආරක්‍ෂිත සෞඛ්‍ය ක්‍රියාමාර්ග යටතේ අවසන් කටයුතු සඳහා සහභාගී විය හැක්කේ පවුලේ 5 දෙනෙකුට පමණක් බැවින් ඔහුගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදු කෙරෙන බව වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසිය.

සුනිල් පෙරේරා මහතා මීට පෙර කොවිඩ් වෛරසය වැළඳී ප්‍රතිකාර ලබා සුවය ලැබූ අයෙකු වුවත් ඔහු මියයනු ලැබුවේ නිව්මෝනියා රෝගී තත්වයෙන් අසාධ්‍ය වී ඇති බැවින් නිරෝධායන නීතියට අනුකුලව එහි අවසන් කටයුතු සිදුවිය යුතු සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඒ කෙසේ වෙතත් PCR පරීක්ෂණයෙන් පසු පැය 24න් ඔහුගේ අවසන් කටයුතු පවුලේ අයගේ සහභාගිත්වයෙන් පමණක් සිදුකළ යුතු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පැවසිය.

සුනිල් පෙරේරා මහතා ඊයේ (05) නිව්මෝනියා රෝග තත්වය උත්සන්න වීම නිසා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත.

පසුගිය මාසයේදී ඒ මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝගාතුර වූ අතර පසුව සුවය ලබා නිවස වෙත ගොස් දින කිහිපයක් ගතකර කිරීමෙන් අනතුරුව මෙලෙස රෝගී වී තිබේ.

(ඉන්දික ශ්‍රී අරවින්ද)

Related posts

අතුරුදන් වූ රණමයුර සම්මානය කඩුවෙලින් හමුවෙයි…

colombotoday

බීමත් ඉන්දීය ජාතිකයා බුදුපිළිම කිහිපයක සිරස කඩා දමලා

colombotoday

ඉන්දීය අගමැති සහ ජනපති අතර හමුවක්

colombotoday

බැදුම්කර වාර්තාව ලීක් වෙයි.. පිටපතක් හොර රහසේම අගමැති අතට !!!

colombotoday

උතුරේ කිසිදු හමුදා කදවුරක් ඉවත් කරන්නේ නෑ – ආරක්ෂක ලේකම්

colombotoday

මුහුණු පොතෙන් ජාතිවාදය අවුස්සන අයගේ නාම ලේඛනය රහස් පොලිසියට…

colombotoday