Colombo Today Local News

“සල්ලි දුන්නේ ඇලෝසියස්ගේ සමාගමකින් බව දැනන් හිටියෙ නෑ…” බැදුම්කර සන්තෝෂම් ගැන සුජීව දැන් කියන කතාව

මෙන්ඩිස් සමාගමෙන් තම මැතිවරණ ව්‍යාපාර සඳහා ලබාදී තිබෙන රුපියල් ලක්ෂ 30ක මුදල නැවත ලබාදීමට තමන් සූදානම් බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

මෙන්ඩිස් සමාගම පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් බවට මුදල් දෙන අවස්ථාවේදී තමන් නොදන්නා බවත්, මැතිවරණ කාලවලදී හිතවතුන් හා ව්‍යාපාරිකයන් මුදල් ලබාදීම සාමාන්‍ය දෙයක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

අදාළ චෙක්පත් ආරක්‍ෂක නිලධාරියෙකු මගින් මාරුකර මැතිවරණ කටයුතු සඳහා යොදාගත් බවත්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ලබාගෙන තිබෙන බවට තමන් දැන ගත්තේ මීට දින දෙකතුනකට පෙර බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එම අවස්ථාවේදී තමන්ට කර කියා ගත නොහැකි වූ බවත්, මේ හේතුවෙන් අදාළ මුදල් පොදු කටයුතුවලට යොදවන ලෙස මහා සංඝරත්නය හෝ වෙනත් පිළිගත හැකි පාර්ශ්වයකින් ඉල්ලීමක් කළහොත් එම මුදල ලබාදීමට තමන් සූදානම් බවත්  (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේය.

Related posts

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ අංග දෙකක් ඉවත් කෙරේ

colombotoday

සිසිල් කොතලාවල කටුනායකදී අත්අඩංගුවට… හදිසියේ ලෙඩ වී රෝහල්ගත කරයි

colombotoday

කටුනායක ගුවන්තොටේ සේවකයෝ විරෝධතාවයක

Admin

ප්‍රභාකරන් මැරුවේ මගේ බළකායෙනුයි.. එදා මේව කීවනම් කමල් ගුණරත්නගේ ඇදුම ගලවනවා

colombotoday

පන්සල මූලිකව ගම ගොඩනගන සැලැස්ම ගෝඨාගෙන්

colombotoday

මෛත‍්‍රි-සජිත් හමුව ගැන විශේෂ මාධ්‍ය නිවේදනයක් !

colombotoday