Colombo Today Local News

මත්ද්‍රවය නොමැති නිසා ගෙල කපා ගැනීමට උත්සහ කල පුද්ගලයෙකු රෝහලට

දරුණු කැපුම් තුවාල සහිතව කුරුණෑගල බස් නැවතුම්පොළ තුළ වැටී සිටි පුද්ගලයෙකු රෝහල්ගතකර ඇත.

මෙලෙස රෝහල්ගතකර ඇත්තේ කුරුණෑගල සුමංගල මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෙලෙස පිහියකින් සිය සිරුරට තුවාල සිදුකරගෙන ඇත්තේ ඔහු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු නිසාත් මත්ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් බවත් පොලීසිය සැකපළ කරයි.

මෙලෙස තුවාල සිදුකරගෙන ඇති පුද්ගලයාට මීට පෙර විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා 13ක් පමන එල්ලවී තිබූ බවද පොලීසිය පවසයි.

මත්ද්‍රව්‍ය සොයාගැනීමට නොහැකි වීම නිසා සැකකරු විසින් පිහිතලයක් ගෙන සිය ගෙල සහ පපුව ප්‍රදේශයට හානි සිදුකරගෙන ඇති බවට වැඩිදුර පරීක්ශන වලදී පැහැදිලි වී ඇත.

කුරුණෑගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශනය කරයි.

Related posts

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ගමන කුජිත කර අත ලකුණ ජයග‍්‍රහණය කරවනවා

colombotoday

දුරකථන ඇමතුම් ගාස්තු හා අන්තර්ජාල ගාස්තු ඉහළට

colombotoday

ශ්‍රීපාද අඩවියේ අරාබි ඉදිකිරීම තාවකාලිකව නවතී !

colombotoday

අලි සබ්‍රිට පාදඩකම් කරන්න ඉඩ දෙන්නේ නෑ. ඔහු බේරගන්න දගලන්නේ මංගල සමරවීරගේ මිනිස්සු. සබ්‍රි ගේ හෙළුව එළිකරනවා. මැඩිල්ලේ හිමි

colombotoday

බොට්ස්වානා කිරුළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවතියකට

colombotoday

ඇඹිලිපිටිය ජනාධිපතියේ විදුහල්පතිනිය අල්ලස් දැලේ

colombotoday