Colombo Today Local News

රත්මලානේ අංජුගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන සිංහාරගේ අමල් සමින් ද සිල්වා හෙවත් රත්මලාන අංජු නැමැත්තාගේ සමීපතමයකු කේරළ ගංජා සහ මත් පෙති සමග අද (31)දින අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුව මොරටුව ලුනාව කලපුව මැටි පාරෙදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 7යි ග්‍රෑම් 57ක්,මත් පෙති හතක් පොලිස් භාරයට ගත් බව පැවසේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුනාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28 පුද්ගලයකු බව පොලිසිය පවසයි.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී මොහු අපරාධ කල්ලි නායකයෙකු වන රත්මලානේ අංජු නැමැත්තාගේ සමීපතමයෙකු බවට අනාවරණය වූ බවත් සැකකරු සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිසිය පවසයි.

Related posts

කොවිඩ් ආසාදිත සෞඛ්‍ය ඇමතිනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට

colombotoday

රට ගිනි තියන NGO පච නඩය වීදි බසී.. ඇමති විජයදාසව පරසක්වල ගහන්න ඉල්ලයි (Photo)

colombotoday

“නීතිය මොකක් වුවත් ලංකාවට එන සරණාගතයන් අපි රැකබලාගන්නවා” – මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී

colombotoday

රටේ කිසිම ලුණු හිඟයක් නෑලු

Admin

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට පිහිපහරක්

Admin

සියලු සරසවි සැප්තැම්බර් විවෘත කෙරේ..

colombotoday