Colombo Today Local News

STF අත්අඩංගුවට ගත් විෂ යෙදු කසළ තේ, ජාවාරම් කරුටම දීලා. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගෙන් කැකිල්ලේ තීන්දුවක්

සෝඩියම් කිලෝ 235ක් පෙරස් කිලෝ 19ක් සීනි පැණි බෝතල් 138ක් දුඹුරු කුඩු කිලෝ 05ක් නැවත ඔවුන්ටම දීලා

මාස 4ක් වැසිය යුතු කර්මාන්ත ශාලාව දින කිහිපයකින් අරින්න අවසර ලැබිලා.

අපනයනය කිරීම සඳහා කසළ තේවලට විෂ රසායනික ද්‍රව්‍ය කලවම් කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගත් තේ තොගය හා කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගේ බලපෑම මත නිදහස් කර ඇතැයි වාර්තා වේ. කසළ තේ කිලෝ එක් ලක්ෂ තිස් හත් දහසකට කර්මාන්ත ශාලාව තුළම විෂ රසායනික ද්‍රව්‍ය කලවම් කරමින් මහා පරිමාණයෙන් තේ නිපදවමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් මේ කර්මාන්ත ශාලාව හා තේ තොගය මීට මාස දෙකකට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙවැනි වංචනික ක්‍රියාවක් සිදු වුවහොත් අදාළ කර්මාන්ත ශාලාව මාස 04ක් වසා තබා අදාළ තේ තොගය විනාශ කිරීම ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සිදු කළ යුතුව තිබුණද එම තේ තොගය නිදහස් කරමින් කර්මාන්ත ශාලාව මාස 04කට පෙර විවෘත කිරීමට තේ මණ්ඩලය අවසරදී තිබේ.

මෙතෙක් ඉතිහාසයේ එසේ වංචනික ක්‍රියාවන්ට හසුවූ සෑම කර්මාන්ත ශාලාවක්ම යළි විවෘත වූයේ මාස 4කට පසුව වුවද මේ ගම්පොල, වේලම්බඩ නිල්දලුකන්ද තේ කර්මාන්ත ශාලාව කිසිදු විමර්ශනයකින් තොරව දඩ මුදලකට පමණක් යටත්ව දින කිහිපයකින් විවෘත කිරීමට තේ මණ්ඩලය විසින් අවසරදී තිබේ.

සෝඩියම් කිලෝ 235ක් පෙරස් කිලෝ 19ක් සීනි පැණි බෝතල් 138ක් සහ හඳුනා නොගත් දුඹුරු කුඩු කිලෝ 05ක් සමඟ මෙතෙක් ඉතිහාසයේ හඳුනා ගත් විශාලම කසළ තේ තොගය නැවත තේ කර්මාන්ත ශාලාවටම ලබා දෙමින් ශ්‍රී ලංකා තේ මණ්ඩලය 1957 අංක 51 දරන තේ පාලන ද උල්ලංඝනය කර තිබේ.

http://tamil.colombotoday.com/?p=22513

Related posts

කොබෙයිගනේ හා රස්නායකපුරටත් පොලිස් ඇඳිරි නීතිය පනවයි

colombotoday

පොලිසියේ ලොකු පුටු රැසක බල වෙනසක්

Charith Sankalpana

2005 පටන් කාපු බීපු හැටිත් මගෙන් අහනවා.. ඒ ගැන කියන්න මේ දවස්වල හට්ටි මුට්ටි ගණන් කරනවා

colombotoday

පොහොය දින වෙඩි තබා බල්ලෙකු මැරූ විශ්‍රාමික ASP අත්අඩංගුවට

colombotoday

කුළියාපිටියේ සිසු දරුවාට සිදුවූ අසාධාරණයට එරෙහිව මව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතයි

colombotoday

පිටිගල තිදරු පියකු අභිරහස් ලෙස කෙසෙල් හේනක මැරිලා

Admin