Colombo Today Local News

ශ්‍රීලන්කන් ගුවන් සේවයට මාස 6ක් කල් දෙයි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් එහි පාලනාධිකාරියට සහ වෘත්තීය සමිති වෙත දැනුම්දී තිබෙන්නේ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මූල්‍ය ප්‍රගතිය ඉදිරි මාස 06ක කාලය තුළදී පෙන්විය යුතු බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙන්නේ අද (11) පෙරවරුවේ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

එසේ නොවුණහොත් 6000ක පමණ සේවකයින්ගේ රැකියාවල අස්ථාවරභාවයක් ඇතිවන බවද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවය බැංකු සහ ආයතන කිහිපයකට ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක පමණ ණය ප්‍රමාණයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 510ක් පමණ රජය විසින් ගෙවා දැමීමට තීරණය කර ඇත.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ඉදිරි මාස 06 තුළ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට සැලසුම් කර තිබෙන්නේ ඒ අනුව ආකර්ෂණීය මූල්‍ය ශේෂ පත්‍රයක් සමගයි.

අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ එබැවින් එම මාස 06 තුළ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ අනවශ්‍ය වියදම් කපා හැර මනා මූල්‍ය විනයක් සමාගම තුළ ඇතිකරගතයුතු බවත් ඒ සඳහා පරිපාලනය සහ වෘත්තීය සමිති ඒකාබද්ධව කටයුතු කළයුතු බවත්.

මෙහිදී අදහස් දක්වමින් සමාගමේ බලධාරීන් පෙන්වාදුන්නේ මේ වනවිට ගුවන් යානා 16ක් මෙහෙයුම් සඳහා යොදවා ඇති අතර එම යානා භාවිත කර දිගු ගමනාන්ත 06ක් සහ කෙටි ගමනාන්ත 29ක ගුවන් මෙහෙයුම් සිදුකරන බවය.

බලධාරීන් පවසන්නේ මෙම මෙහෙයුම් කටයුතු සඳහා කල්බදු පදනම මත බෙල්ජියම් ගුවන් යානා 03ක් සහ Fit Air යානයක් සමාගම වෙත ලබාගෙන ඇති බවත් ය.

පසුගිය කාලසීමාවේ විටින් විට ශ්‍රීලන්කන් ගුවන් සමාගම විශාල ලෙස දෝෂ දර්ශනයට සහ විවේචනයට ලක්විය.

Related posts

අන්තර්කාලීන ආණ්ඩුවකට කල යෝජනාවට යහපත් ප්‍රතිචාර – විමල් වීරවංශ

colombotoday

මිය ගිය දෙමළ ජනතාව වෙනුවෙන් යාපනයේ සරසවි සිසුන් කලු ජූලිය සමරයි

colombotoday

මම ඉන්න තෙක් පුල්මුඬේ ඛණිජවැලි සමාගම විකුණන්නේ නෑ. – ඇමති රිෂාඩ් බදියුදීන්ගෙන් පොරොන්දුවක්.

colombotoday

තරුණයෙක් මහනුවරදී විදේශීය කාන්තාවකගේ පස්ස මිරිකලා. – වීඩියෝව ලොවපුරා යයි.

colombotoday

විදුහල්පතිනිය පොලිසියට ගෙන්වා ලෙඩක් දමයි.. බදුල්ල පොලිසියේ උණුසුම් තත්ත්වයක්

colombotoday

උසස් පෙළ විභාග දෙසැම්බර් 05වනදා ඇරඹෙයි

colombotoday