Colombo Today Local News

අතුල් කේෂප් යයි, ඇලයිනා එයි !

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිධූරය ඉදිරි දින කිහිපය තුළදී වෙනස්වීමට නියමිත බව වාර්තා වේ.ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් නව තානාපති ලෙස නිර්දේශ කර ඇත්තේ මේ වනවිට නේපාලයේ ඇමරිකානු තානාපති ලෙස කටයුතු කරන ඇලයිනා බී. ටෙප්ලිට්ස්ය.

පසුගිය 24 වැනිදා ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ඇය ශ්‍රී ලංකාවේ නව තානාපතිවරිය ලෙස නම්කර ඇති අතර ඉදිරියේදී ඒ සඳහා ඇමරිකානු සෙනෙට් සභාවේ අනුමැතිය හිමිවනු ඇත.

අතුල් කෙෂප් මහතා 2015 අගෝස්තු මාසයේදී ඇමරිකානු තානාපතිවරයා ලෙස වැඩ භාරගත් අතර ඔහු වසර දෙකකට ආසන්න කාලයක් අදාල තනතුරේ කටයුතු කළේය.

49 හැවිරිදි ඇලයිනා 1991 වසරේදී ඇමරිකානු විදේශ සේවයට එක්වූ අතර ඕස්ට්‍රේලියාව, ඇල්බේනියාව, මොංගෝලියාව, ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවල් කිහිපයක තානාපති සේවා පිළිබඳ අත්දැකීම් ලබා තිබේ.

Related posts

මහින්දගෙන් බදු බර අඩු කිරීම ගැන විශේෂ ප්‍රකාශයක්

Admin

බුද්ධි තොරතුරක් මත සහාරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

Admin

රාජපක්ෂලාට බැන්නා ඇති ! දැන්වත් රට හදමු ! – මුදල් ඇමති රවී

colombotoday

යුධ ජයග්‍රහණයේ මතක සටහන් ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියෙනුත් ඉවතට

colombotoday

චම්පිකගේ ඇමතිකම් ගම්මන්පිලට….

colombotoday

ගෑස් පිපිරීම් ගැන සෙවූ කමිටුවෙන් කළ අනාවරණය

colombotoday