Colombo Today Local Newsfeatured

තව්හීද් නැමදුමක් සඳහා ක්‍රීඩාංගනයක් කොළඹ නගර සභාවෙන් ලබා දෙයි

රාමසාන් නැමදුම සඳහා ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයට කොළඹ නගර සභාව විසින් ක්‍රීඩාංගනයක් ලබා දී තිබෙනවා.

අගෝස්තු 12 වනදා මෙලෙස හජ්ජි නැමදුම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට යාබදව ඇති “වයිට් පාරක්” ක්‍රීඩාංගනය මෙලෙස ලබා දී ඇති බවයි ශ්‍රී ලංකා තවුහීද් ජමාත් සංවිධානය පුර්ව ප්‍රචාරක දැන්වීම් ඔස්සේ සඳහන් කර සිටින්නේ.

අන්තවාදී මතදරණ ඩිරාර් පල්ලි විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා තවුහීද් ජමාත් සංවිධානය සතුව තිබෙන නමුත් මෙම ආගමික නැමදුම ප්‍රසිද්ධ ස්ථානයකට ගෙන ඒම ආගමික සන්හින්දියාවට බාදාවක් බවයි ශ්‍රී ලංකාවේ වෙසෙන සම්ප්‍රධායික මුස්ලිම්වරුන් පවසන්නේ. පාස්කු ප්‍රහාරයෙන් පසුව සමස්ත මුස්ලිම් ප්‍රජාව අන්තවාදීන් ලෙස දැකීමට රටේ බහතුර ජනතාව පටන් ගත් බවත් එම තත්වය යතා තත්වයට පත්වන මොහොතක මෙලෙස තවුහීද් කල්ලි ක්‍රියා කිරීම යලි ආගමික නොසන්සුන් තාවයකට මග පාදන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කොළඹ ප්‍රධාන බෞද්ධ පාසලකට යාබදව මෙම තවුහීද් නැමදුම පැවැත්වීම හේතුවෙන් යම් සිද්ධියක් ඇතිඋවහෝත් රටම අස්ථාවර තත්වයකට පත්වීමේ අවදානමක් ඇති බවයි සාම්ප්‍රධායික මුස්ලිම්වරු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එම නිසා කිසිදු කණ්ඩායමක් සඳහා මෙවර හජ්ජි නැමදුම ප්‍රසිද්ධ ස්ථානවල පැවැත්වීමට ඉඩ නොතබන ලෙස ශ්‍රී ලංකාවේ සාම්ප්‍රධායික මුස්ලිම්වරු ඉල්ලා සිටියි.

බුදුරජානන් වහන්සේ මිනිමස් වැළඳු බව ප්‍රකාශ කර සිටි අබ්දුල් රාසික් ශ්‍රී ලංකා තවුහීද් ජමාත් සංවිධානයේ මහ ලේකම් ලෙස කටයුතු කල අතර කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කල “හස්තුන්” නැමති ත්‍රස්තවාදියා මෙම සංවිධානයේ සාමාජිකයෙකුද වේ. ඔහුගේ විවාහය සිදු කර ඇත්තේද මාලිගාවත්තේ පිහිටි ශ්‍රී ලංකා තවුහීද් ජමාත් ප්‍රධාන කාර්යාලයේදී බව “හස්තුන්” නැමැත්තාගේ බිරිඳ වූ සයින්දමර්දු පිපිරීමෙන් මියගිය “සාරා” නමැත්තියගේ මව ප්‍රකාශ කර සිටියේය..

Related posts

ගොඩගත් ඉෂාලිනි ජුඩ් දැරියගේ සිරුර පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යොමු කෙරේ.

colombotoday

ෆේස්බුක් වාරණයෙන් ඥාණසාර හිමියන්ගේ නම වෙනස් වෙයි !

colombotoday

හොරකම් කරාද? අහන්න බදියුදීන්, හකීම් දෙපළ FCID කැදවයි

colombotoday

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණය ගැන රුසියානු පාර්ශ්වයේ අවධානය

colombotoday

Update: කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 167 දක්වා ඉහළට

colombotoday

අපි වගේ හොරුන්ට දරුවන් ළවා වන්දවන්න එපා – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්

colombotoday