මේ වනවිට විපක්ෂ මන්ත්‍රීවරු විසින් පාර්ලිමේන්තු සභා ගැබ තුල උද්ඝෝෂණයක් පවත්වමින් සිටිනවා.
අද (23) උදෑසන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන් අතර ඉන් පසුව අමාත්‍ය උදය ගම්මන්පිලගෙන් විපක්ෂ මන්ත්‍රීවරු ප්‍රශ්නයක් ඇසු අතර අමාත්‍යවරයාගේ පිළිතුර වුවේ මන්ත්‍රීවරුන්ට මොලය ලබා දීමේ හැකියාවක් තමන්ට නොමැති බවයි.
ඒ සමගම මෙම විරෝධතාවය ආරම්භ වූ අතර, උද්ඝෝෂණය නොතකමින් කතානායකවරයා විසින් සභාවේ කටයුතු දිගටම සිදුකරගෙන යමින් සිටියි.