Uncategorized

ක්‍රිකට් වැටෙන්න හේතුව වැරැදි පරිපාලනයයි. | විධායක කමිටුවේ හිටපු සාමාජිකයන්ට නෛතික ක්‍රියාමාර්ග ?

පසුගිය 2018 වර්ෂයේදී පැවැති ශ්‍රී ලංකා දකුණු-අප්‍රිකා ක්‍රිකට් සංචාරයේ අනුග්‍රාහක අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු රුපියල් කෝටි තුනක මුදලක් අය කර නොගැනීම පිළිබඳව පොදු ව්‍යාපාර පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) දැඩි දෝෂදර්ශනයට ලක්විය.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දැවැන්ත ලෙස කඩා වැටීමට හේතුව ක්‍රීඩකයන්ගේ වැරැදි නොව ක්‍රිකට් පරිපාලනයේ දුර්වලතා බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජිකයන්ගේ වැරදි ඇත්නම් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට වහාම කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැන්වීය. ඒ සඳහා නීතිපතිවරයා‍ගේ සහයද ලබා ගත හැකි බව කාරක සභාවේ සභාපති මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

Related posts

බංගලාදේශයේ හින්දු ආගමික පූජා තහනම්

Admin

කතුරකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin

නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්

Admin

ඊශ්‍රාලයට දැවැන්ත ප්‍රහාරයක්

Admin

ඕල් ඉන් වන්, අපූරු බහුකාර්ය ලිපක් මැල්සිරිපුර හපනෙක් හදයි

colombotoday

නියමිත බර නොමැති පාන් සදහා නඩු

Admin