Colombo Today Local News

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වසරක පාඩුව ඩොලර් කෝටි 16ක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙි වසරේ අලාභය ඇමරිකානු ඩොලර් කෝටි දහසයක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත.

ලොවපුරා බලපා ඇති කොවිඩ් අර්බුදය ,ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය අර්බුදය තව තවත් උග්‍ර අතට පත්කර ඇතැයි සංචාරක අමාත්‍යංශය කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.

සමාගමේ වාර්ෂික වාර්තාව අනුව , අලාභය අඛණ්ඩව වර්ධනය වන රාජ්‍ය සමාගමක් බවට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පත්ව ඇතැයි එම අමාත්‍යාංශය වාර්තාවක් මගින් දැනුම් දී ඇත.

ඉකුත් 2017 වසරේ ඇමරිකානු ඩොලර් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වු අලාභය 2019 වසරේ දී ඇමෙරිකානු ඩොලර් කෝටි නවයක් දක්වා වර්ධනය වී ඇතැයි ද එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම බාහිර පාර්ශව සදහා ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් කෝටි සීයක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත .

සමාගම සතු ගුවන් යානා සංඛ්‍යාව 24 ක් වන අතර, එම යානා සියල්ලම කල්බදු පදනමෙන් ලබාගෙන ඇති ඒවා බව ද සංචාරක අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට දන්වා ඇත .

Related posts

දරුණු ගණයේ අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරයට

colombotoday

සුදු පැළ කීඩෑ හානියෙන් වී ගොවිතැනට බලපෑම්..

Admin

ජනපති, අගමැති වනජීවී නිලධාරිනිය සමගයි !

colombotoday

“ගිය ආණ්ඩුවෙන් රිලව්, හරක් ඔක්කොම පොළොන්නරුවට පැන්නුවා” – ජනපති

colombotoday

කැබිනට් අමතිකමක් නුදුන්නැයි පියසේන ගමගේ වර්ජනයක !

colombotoday

රට පටවපු පොල්

Admin