Colombo Today Local News

කොරෝනා වෛරසයට මුහුණ දෙන්න ගතයුතු ආහාර | ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් උපදෙස්

කොවිඩ් 19 ආසාදිත රෝගීන් සඳහා සංචාරක හෝටල් පවා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමට තීරණ ගන්න තත්ත්වයක සියලු ප්‍රතිකාර පහසුකම් තිබෙන රජයේ ආයුර්වේද රෝහල් තුළ එම ප්‍රතිකාර කටයුතු කිරීම සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ලෙස ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු බව ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.

එම සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරණ මහතා අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව ලෙස මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නොව කළ යුත්තේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම බවයි.

මෙම කොවිඩ් 19 අර්බුදය වැඩි වීමට පෙර ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් තිබෙන මධ්‍යස්ථාන ලෙස රජයේ ආයුර්වේද රෝහල් තුළ එම ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍යාංශයේ ලේකම්වරියගෙන් ඉල්ලා සිටින බවයි හෙන්දවිතාරණ මහතා කියා සිටියේ.

මේ වන විට බස්නාහිර පළාත තුළ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස මීගොඩ ආයුර්වේද රෝහල පවත්වාගෙන යාමට පළාත් සභාව විසින් සකාච්ජා කෙරෙමින් තිබෙන අතර ඊට රේඛීය අමාත්‍යාංශය සහය දිය යුතු බව ඔහු පැවසීය.

“අපි ගන්න එළවලු,පළතුරු ඇතුළු ආහාරවල වැඩිපුර තියෙන්න විස. දැන් තිබෙන තත්ත්වය මත අපි කියන්නේ හොඳට හෝදලා සහ මද රස්නයෙන් කෑමට ගන්න පුළුවන් දේවල් ඒ රස්නය සමඟ කන්න කියලා. ප්‍රතිශක්තිකරණ ඖෂධ දවසට එක වරක් හෝ ගන්න. ලුණු වතුරෙන් හෝ උණු වතුරෙන් උගුර හෝදන්න. එය මේ රෝග ව්‍යාප්තිය පාලනය කරන්න පුළුවන් හොඳ ක්‍රමයක්. ප්‍රදේශ ලෙස වෙන් වුණ ඖෂධීය ආහාර තිබෙනවා. අපේ ජනතාව ඒවා ගැන දැනුවත් වුණත් එපුරුදු අත්හැරලා තිබුණේ. මෙවැනි රෝග ව්‍යාප්ත වෙන්න හේතුවක් තමයි මේ ඖෂධීය පුරුදු අත් හැරීම.”

“ඒ නිසා අපි කියන්නේ එදිනෙදා සපයා ගන්න පුළුවන් ඖෂධීය ආහර තිබෙනවා කැකිරි, කුරහන් වගේ දේවල්. ඒ වගේම තමයි අපි ආහාරවලට උළුහාල් එකතු කර ගැනීම,හොඳින් තුනපහ එකතු කිරීම වගේ දේවල් අපට කරන්න පුළුවන්. කැකිරි කියන්නේ වියළි කලාපයේ හොද ප්‍රතිශක්තිකරණ ආහාරයක්.
දිගටම මේ පුරුදු පවත්වාගෙන යන්න.”

“වෛරසය බෝ වීම වලක්වා ගැනීම සඳහා ලබා දී තිබෙන මූලික සෞඛ්‍ය උපදෙස් නොකඩවා අනුගමනය කරන්න.”

Related posts

නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත්‍රය තාවකාලිකව අක්‍රීය කරයි

colombotoday

මීගමුව අධිකරණය පිටුපස කාන්තා මළ සිරුරක්

Admin

අනුරාධපුර සමයට අයත් මඩකලපුවේ තිබූ විශාලම ස්තූපයත් ඩෝසර් කරලා?

colombotoday

වැඩ බැරි දේශපාලඥයෝ අපිට මාෆියාකාරයෝ කියනවා

Admin

රට භයානක අනතුරක් ඉදිරියේ.. කරුණාකර නවතින්න ! මාධ්‍යට වාරණය කළ ඥාණසාර හිමිගේ ප්‍රකාශය (Video)

colombotoday

වෘත්තීයවේදීන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ගැන අනතුරු අඟවයි

Admin