Colombo Today Local News

නෞකාවලින් නියමිත කාලයේදී තෙල් ගොඩබෑමට නොහැකි වීම. – ඩොලර් ලක්ෂ හතළිහක් ජනතා මුදල් ප‍්‍රමාද ගාස්තු ලෙස ගෙවයි

කොළඹ වරායට ගෙන්වූ ඉන්ධන නෞකාවලින් නියමිත කාලයේදී තෙල් ගොඩබෑමට නොහැකි වීම නිසා ඉකුත් මාස දෙකහමාරක කාලයේදී එම නෞකා සමාගම් වෙත ප‍්‍රමාද ගාස්තු වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්‍ෂ හතළිහකට (රුපියල් කෝටි 81 ක් පමණ) ආසන්න මුදලක් ගෙවා දැමීමට සිදුවූ බව තෙල් සංස්ථා ගිණුම් අංශ නිලධාරියෙක් හෙළි කළේය.

ඩොලර් හිඟය නිසා මෙම නෞකා නිදහස් කර ගැනීමට දින දෙකේ සිට දින දහයක් අතර කාලයක් ගතවී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

මෙම ප‍්‍රමාද ගාස්තු අතර ඉන්ධන නෞකාවලින් තෙල් ගොඩබෑමේදී එක් වරක් මුතුරාජවෙල තෙල් පර්යන්තයට ගෙන යෑමත් යළි එම නෞකාවම කොළඹ වරායේ ඩොල්ෆින් ජැටිය හරහා කොළොන්නාවට තෙල් ගොඩබෑමත් නිසා ඩොලර් පනස්දහසක් අමතර ගෙවීම් ද ඇතුළත්ව ඇත.

ඉකුත් මාස දෙකහමාරක කාලයේ දී මෙරට විදුලි බලාගාර හා ප‍්‍රවාහනය සඳහා ක්‍ෂණික මිලදී ගැනීම් යටතේ ඉන්ධන මිලදී ගැනීමට සිදුවූ අතර ඊට අමතරව දීර්ඝ කාලීනව ඇණවුම් කළ නෞකා ද මෙරටට පැමිණියේය.

ඩොලර් හිඟය නිසා ඇතිවූ මෙම අර්බුදය හමුවේ මෙරටට ගෙනඑන අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අඩංගු නෞකා හා ගෑස් නෞකා සඳහා ද ඩොලර්වලින්ම ප‍්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවී තිබීමෙන් ඩොලර් හිඟය උග‍්‍රවීමට එය ද හේතු වී ඇතැයි තෙල් සංස්ථා උසස් නිලධාරියා සඳහන් කළේය.

Related posts

වසන්තගෙන් මූලික අයිතිවාසිකම් කඩවුනැයි පෙත්සමක්

colombotoday

රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි වැටුප ගැන නිවේදනයක්

Admin

Online ඔස්සේ ‍යළි මේ දේවල් කළොත් වැඩ වරදී…

Admin

රජයේ සහන ප්‍රමාණවත් නෑ.. දන්සැල්, මුදල් අවතැන්වූවන් වෙනුවෙන් ලබා දෙන්න

colombotoday

තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවතට

colombotoday

මඩකලපුව සීනවත්ත සිංහල විද්‍යාලය ඩෝසර් කර අන්‍ය ජාතිකයන් පදිංචි කිරීමේ සූදානමක්.. (Video)

colombotoday