Colombo Today Local News

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නට ළගාවීමට නොහැකියි. | ගින්න පාලනය කිරීමට නොහැකි තත්වයට

කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නට ළගාවීමට නොහැකි තත්වයයක පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

ගිනි නිවීමේ සහ මුහුදු දූෂණ ආරක්‍ෂණ පහසුකම් සහිත ඉන්දීය නෞකා දෙකක් මේ වන විට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා මුහුදු සීමාව නවතා තිබෙන බවත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගනිමින් තිබීම නිසා ආසන්නයට යෑමට නොහැකි තත්වයක් උද්ගත වීමෙන් ගින්න පාලනය කිරීමට නොහැකි වී ඇති බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහලුම්වලින් විශාල සංඛ්‍යාවක් මේ වන විට මුහුදුට පෙරළි ඇති බවත් එය කොපමණක්ද යන්න කිකිවකුට කිවනොහැකි බවත් නාවික හමුදා මාධ්‍ය කියයි.

ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා යාත්‍රා කරමින් තිබියදී කොළඹ වරායට නාවික සැතපුම් නවයකට ආසන්න මුහුදු තීරයේ දී මෙම නෞකාව පසුගිය 20 වැනිදා ගිනිගැනීමකට ලක්වූ අතර එම කෞකාවේ ඊයේ (25) අළුයම නැවතත් ගින්න ඇවිලුණු අතර මේ දක්වා ගින්න පවතී.

Related posts

නිමල්සිරිපාලගේ ලංගම සභාපති මාලිමා ආණ්ඩුවේ ලංගම සභාපති කරයි

Admin

ෆොන්සේකා ඩීල් එකක් දාන්න හදලා, විරසකයට තවත් හේතුවක් ගැන අධිකරණ ඇමති කියයි.

colombotoday

බස් රථයක ගමන් ගනිමින් සිටි කතක් අසුනේම මිය ගිහින්

colombotoday

බදු නොගෙවීම නිසා වැසුණු ඇලෝෂියස්ගේ මත්පැන් සමාගම ඇමැති අනුහසින් යළිත් වැඩ

colombotoday

හෙළ උරුමයට අගමැති විශ්වාසයි..! විශ්වාසභංගයට සහය නොදෙන්න තීරණය කරයි

colombotoday

ඇමති තිදෙනෙක් ජනපතිට හරස් වෙයි.. ජනපති පත්කර එවූ ලේකම්වරු එපා කියයි !

colombotoday