Colombo Today Local News

උදය ගම්මන්පිල රජය දුෂිතයි කියලා තියෙනවා නම් ආණ්ඩුව ඇතුළේ සිටිය නොහැකියි. – අමාත්‍ය ශෙහාන් සේමසිංහ

උදය ගම්මන්පිල ඇමැතිවරයා රජය විවේචනය කරලා, මේ රජය දුෂිතයි කියලා, ඒ දුෂිතයි කියපු ආණ්ඩුව තුළම අද වන විටත් ඉන්නවා. එහෙම දෙයක් තියෙනවා නම් ආණ්ඩුව ඇතුළේ සිටිය නොහැකි” යැයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂද්‍ර මුල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පෙරේදා (30) දින පැවැසීය.

කහටගස්දිගිලිය, සීප්පුකුලම නගරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවැසීය.

“සමහර අය අද රජයේ ඉදගෙන රජය විවේචනය කරනවා. එහෙම විවේචනය කරන්න පුළුවන් රජයක් නම් මේක අපිට තියෙන ප්‍රශ්නය ඇයි මේ අය මේ රජයෙම ඉන්නේ කියලයි. අපට පේනවා මේ මොහොතේ තුන්වන පාර්ශවයක් රජය ඇතුලට රිංගවන්න කටයුතු කරන බව. අපේ සමගියට තෙවන පාර්ශව වලට බලපෑම් කරන්න ඉඩ ආවේ කොහොමද කියලා මටත් සැකයක් තියෙනවා. අපි කණගාටු වෙනවා රජය තුළ වගකීම් දරණ කණ්ඩායම් මේ ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධව. අපි එකඟතාවය ආරක්ෂා කිරීම වැදගත් වෙනවා වගේම සතුරාට ආයුධ ලබා දීමෙන් වැලකීම ඉතාමත් වැදගත් වෙනවා.
ඇතැම් කණ්ඩායම් මේ රජය ගේන්න මහන්සි වුණේ එයාලා කියලා කියනවනම් ඒක අපිට ප්‍රතික්ශේෂ කරන්න වෙනවා. මොකද අපිත් මේ රජය ගේන්න විශාල මහන්සියක්, කැපවීමක් කළා. අපි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් හමුවක් පැවැත්වුවා. ඒ අවස්ථාවේ මේ අය කිසිම අදහසක් ප්‍රකාශ කළේ නෑ. දුෂ්ඨ ආණ්ඩුවක් පරාජය කරලා අපි රජයට පත් වුණේ අපේ සමගිය හින්දයි. ඒකට වෙන වෙන කණ්ඩායම් මැදිහත්වීම් ජනතාවටත් සැකයක් ගෙන දේ. රජය ඇතුළේ මෙවැනි දේවල් සිදු වන විට අපි පොඩි නිහඩතාවයක් ගෙන යාම හොදයි කියලා මම හිතනවා. මොකද අපිට රජය පවත්වා ගෙන යාම වැදගත්. සමහර අයට වැදගත් නොවුණට. රජය ඇතුලේ කණ්ඩායම් රැස්වීමේ දී වත් කථා නොකරපු දෙයක් මේ අය පිටියේ ප්‍රකාශ කිරීම පිළිබඳ අපි කණගාටු වෙනවා.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

අඩි 07ක් උස ගංජා ගස් 2195ක හේන් දෙකක් වටලයි

colombotoday

අලුත් අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් උලමා සංවිධානය වසංගතයෙන් මිදෙන්න දෙවියන්ගෙන් භාග්‍යයත් ඉල්ලයි

colombotoday

තවමත් ලංකාවේ තහනම් නොවුණු ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානය | ගවේෂණාත්මක හෙළිදරවුව

colombotoday

ජුලියන් බෝලින් හා ජොනතන් මාටින්ස්ටයින් CID යට

colombotoday

දඹදෙණිය ශ්‍රිනිප සංවිධායක ශාන්ත බණ්ඩාර එජාපයට පනී

colombotoday

බත්තරමුල්ලේ වෙඩි තැබීමක්

Admin