Colombo Today Local News

SF ලොක්කාට වෙඩි ප්‍රහාර 8ක් වැදිලා

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඉරෝන් රණසිංහ නොහොත් “එස්.එෆ්.ලොක්කා” වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධිය ඇතුළු අපරාධ චෝදනා රැසක විත්තිකරුවෙකු ලෙස “එස්.එෆ්.ලොක්කා” නම් කර සිටි.

අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාම මහතාට අද මෙම නියෝගය ලබා දී තිබේ.

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස නියෝග කර ඇත්තේ‍, මෙම වෙඩි තැබීම සිදුකළ අනුරාධපුර දහයියාගම හංදිය දුම්රිය හරස් මාර්ගය අසළ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

“එස්.එෆ්.ලොක්කා“ ටී 56 වර්ගයේ ස්වයං ක්‍රිය ගිනි අවියකින් වෙඩි ප්‍රහාර අටක් එල්ල කර ඇති බවත් වෙඩි ප්‍රහාර එල්ලවීමත් සමග මොහු ගමන් කළ මෝටර් රථය ගිනි ගෙන මුලූමනින්ම දැවී ගොස් ඇති බවත් මහෙස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

වෙඩි තැබීමෙන් අනතුරුව අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගය මත ගිනි ගෙන දැවී තිබූ මෝටර් රථය එම ස්ථානයෙන් ඉවත් කර ප්‍රධාන මාර්ගය වාහන ගමනා ගමනය සඳහා යළි විවෘත කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සේනක ප්‍රසන්න මහතාට නියෝග කෙරිණි.

යතුරු පැදියකින් පැමිණි දෙනෙකු විසින් මෙම වැඩි තැබීම සිදු කර ඇති බව සිද්ධිය පිළිබඳ ව දැනට සිදුකර ඇති මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දයාන් සමරකෝන් මහතා මෙහිදී මහෙස්ත්‍රාත්වරයාට පවසා තිබේ.

අද උදෑසන 11.45ට පමණ මෙය සිදුව ඇති අතර, වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී ඔහු ගමන් ගත් මෝටර් රථයේ ගමන් කළ තවත් කාන්තාවක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි එස්.එෆ්.ලොක්කා මියයන විට 32 හැවිරිදි වියේ පසුවූ බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව ඔවුන් ගමන් ගත් මෝටර් රථය ගිනිගෙන විනාශ වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුවට කථානායක සහ ජවිපෙ එන්න බෑ කියයි

colombotoday

ලක්ෂ 20ක හෙරොයින් සමග සැකකරුවෙකු කාකදූපතදී අත්අඩංගුවට

colombotoday

ත්‍රෛනිකායික මහා නාහිමිවරු හදිසියේ රැස්වෙති !

colombotoday

වැලිකඩ යැවූ දුමින්ද සිල්වා නැවතත් බන්ධනාගාර රෝහලටම

Admin

තවත් ඇමති පැටව් තිදෙනෙක්..! මනූෂ, තෙවරප්පෙරුම, ලක්ෂමන් ඇමතිධුරවල දිවුරයි

colombotoday

මධ්‍යම ආණ්ඩුකාරී මහ පන්සලේදී පරළ වෙයි.. ‘ගයින් ගහල එලවනවා‘ එජාප ඇමතිගේ මූණටම බැණවදී

colombotoday