Colombo Today Local News

සුජීව සේනසිංහ සියලු තනතුරුවලින් ඉවත් කර එජාපයෙන් නෙරපන්නැයි යෝජනා වෙයි

පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමෙන් මුදල් ලබා ගත් බවට පිළිගත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ රජයේ තනතුරුවලින් ඉවත් කර පක්ෂයෙන් ද නෙරපා හැරිය යුතු බව කඩුවෙල මැතිවරණ කොට්ඨාශයේ දූෂණ විරෝධී සංවිධානය පවසයි.

එම සංවිධානය කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කඩුවෙල නගර සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රියන්ත පත්බේරිය මේ බව කියා සිටියේය.

පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමෙන් ලැබුණු රුපියල් මිලියන 3 ක් සිය මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගත් බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මේ වනවිට පිළිගෙන ඇත.

පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ රුපියල් මිලියන 3 ක් අවස්ථා 3 කදී රාජ්‍ය අමාත්‍යවරයාට ලබාදී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය.

ඊයේ (09) කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කඩුවෙල නගර සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රියන්ත පත්බේරිය ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ සුජීව සේනසිංහ යනු කඩුවෙල ආසනයට පැමිණි මනුස්සකමක් නොමැති පුද්ගලයෙකු බවයි.

ඊට එක්වෙමින් අදහස් දැක්වූ කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී අජිත් රොද්‍රිගු ප්‍රකාශ කළේ සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාව කඩුවෙලින් පමණක් නොව දේශපාලනයෙන් ද ඉවත් කළ යුතු බවයි.

srilankamirror

Related posts

යුද අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ දෙබිඩි පිළිවෙත

colombotoday

ගම්පහ කොල්ලයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

මහපාරේ දමා ගිය අයිස් වලට ඇබ්බැහිවූ යුවලගේ අලුත උපන් බිළිදා මිය යයි

Admin

පොදුජන පෙරමුණේ පක්ෂ රැස්වීමක් මහින්ද ප්‍රධානත්වයෙන්

Admin

“මේ වගේ පිස්සෙක්ද අගමැති“ – වාසුගෙන් යළිත් අගමැතිට ප්‍රහාරයක්

colombotoday

බස්නාහිර, සබරගමුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

colombotoday