සීගිරිය ආශ්‍රිතව ඇති කළුදිය පොකුණ නම් පුරාවිද්‍යා ස්ථානය හෝටලයකට ලබා දෙන ලෙස හිටපු ඇමතිවරයා තමන්ට පැවසූ බව පුරවිධ්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී හෙළිදරව් කර සිටියා.
එම ඉල්ලීම තමන් ප්‍රතික්ෂේප කල බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථානවලට බෝර්ඩ් දැමීම මුල් කරගෙන තමාව පාර්ලිමේන්තුවට කැඳවා ඉස්ලාම් දේශපාලකයන් තමාව අපහසුතාවයට පත් කල බව ද මහාචාර්ය සෙනරත් දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.