Colombo Today Local News

සෙල්ෆිය මරණයෙන් කෙරවල වෙයි

වව්නියාව සෙට්ටිකුලම දකුණු කල්ලාරු පාලමේදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීම උත්සහ ගත් තරුණයෙකු මන්නාරම දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මියගොස් ඇතැයි සෙටිකුලම් පොලීසිය පවසයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ මන්නාරම මුරුංගන් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සුරේස් නැමති තරුණයෙකි.

මන්නාරමේ සිට අනුරාධපුර දක්වා ධාවනය වූ දුම්රිය ගමන්කරන අතරතුරදී දුම්රිය මාර්ගයේ සිට තරුණයින් දෙදෙනෙකු දුම්රිය ගමන්කරන අතරවාරයේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ දරා ඇත.

එහිදී දුම්රියේ තරුණයින් ගැටෙන බව එක් තරුණයෙකු දැක පාලමෙන් පැන ඇති අතර අනෙක් තරුණයා දුම්රියේ ඉදිරිපස කොටසේ ගැටී විසිවීමෙන් තරුණයා එම ස්ථානයේම මිය ගොස් ඇති බව තොරතුරු අනාවරනය වී ඇතැයි පොලීසිය කියයි.

පසුව මිය ගිය තරුණයාගේ මළ සිරුර සෙට්ටිකුලම් දුම්රිය ස්ථානයට රැගෙන එමෙන් අනතුරුව සෙට්ටිකුලම් පොලීසිය මගින් සෙට්ටිකුලම් රෝහලට බාරදෙනු ලැබීය.

සෙට්ටිකුලම් පොලීසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි

Related posts

ශ්‍රී ලංකන් එයාර් දීර්ඝතම ගමනාන්ත අත්හිටුවයි.. පැරිස්, ෆ්‍රැන්ක්ෆර්ට් ගමන් මින් පසු නෑ

colombotoday

කළුතර වෙරලේ ආලෝකය නිකුත් කරමින් අත්භූත වස්තුවක්

Admin

පවතින අර්බුදය කඩිනමින් විසදීමට අගමැති සූදානම් – එජාප මහලේකම්

colombotoday

නීතිවිරෝධීව සෞදියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට සහනයක්

colombotoday

රෝහලට ඇතුළත් කද්දීම දෙදෙනෙක් මියයයි – මෘත ශරීර PCR පරීක්ෂණයට.

colombotoday

අපේක්ෂකයෙක්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඇමරිකානු සහ ඉන්දියානු එම්බසි ඩොලර් මලු තෑගි දෙයි

colombotoday