Colombo Today Local News

අපරාධ වාර්තා කොට්ඨාශය නිරීක්ෂණයට ගිය පලමු පොලිස් ඇමති

ශ්‍රී ලංකාව තුළ තුළ සිදුවන අපරාධ සම්බන්ධයෙන් ඇඟිලි සටහන් සම්බන්ධ විශේෂඥ සාක්ෂි ලබාදීම සහ අපරාධකරුවන් ලේඛනගත කිරීම ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ වාර්තා කොට්ඨාශය මගින් සිදුකරනු ලබයි.

1908 දී ඇඟිලි සටහන් කාර්යාංශය ලෙස ආරම්භ කරන ලද මෙම කොට්ඨාශය ක්‍රමිකව නවීන තාක්ෂණය භාවිතා කරමින් විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ අපරාධ විමර්ශනය සඳහා සහාය වේ.

මෙම අපරාධ වාර්තා කොට්ඨාශය පසුගියදා මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ නිරීක්ෂණයට භාජනය විය.
මෙම කොට්ඨාශයේ සිදු කරනු ලබන සියලුම සේවාවන් ගරු අමාත්‍යවරයා විසින් නිරීක්ෂණයට ලක් කරන ලදී.

දිවයින පුරා පිහිටා ඇති අපරාධ වාර්තා කොට්ඨාශයේ ශාඛාවන් මගින් සිදුකරන සේවාවන් වලදී අදාල නිලධාරීන් විසින් අපරාධකරුවන්ගේ ක්‍රමවිධි දත්ත බස් රථ වලින් ගෙන යාම නතර කිරීම සඳහා ත්‍රීවිල් රථ 30ක් සරත් වීරසේකර අමාත්‍යවරයා විසින් ලබා දීම පිළිබඳවත් ප්‍රාදේශීය මූලස්ථාන වලට පමණක් සීමා වී තිබූ ස්කෑනර් යන්ත්‍ර සෑම පොලිස් ස්ථානයක් වෙත ලබාදීමට මුදල් වෙන් කිරීම පිළිබඳවත් නිලධාරීන්ගේ ප්‍රශංසාව අමාත්‍යවරයා වෙත හිමිවිය.
මෙහිදී මෙම කොට්ඨාශය නවීන තාක්ෂණය හරහා සංවර්ධනය කිරීම පිළිබඳවත් සේවය කරන නිලධාරීන්ගේ ගැටලු පිළිබඳවත් අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාව සඳහා අපරාධ හා රථවාහන පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ඇතුළු නිලධාරින් කිහිප දෙනෙක් සහභාගි විය

Related posts

“මාව මරන්න ආපු කොටි ත්‍රස්තවාදීයාටත් සමාව දී නිදහස් කරන්න” – ෆොන්සේකා ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

ෆොන්සේකා කොළඹ අපරාධ කොට්ඨාසයට කැදවයි

colombotoday

කොළඹ වරාය ඉන්දියාවට පවරන්න සූදානම්.. යහපාලන සගයෙක් හෙළිකරයි

colombotoday

ඉන්ධන බවුසරයක් කරනම් ගසයි

colombotoday

LTTE යට එරෙහිව උතුරෙන් මානව හිමිකම් කාර්යාලයට පැමිණිල්ලක්

colombotoday

පොලිස්පති ධුරය දේශබන්දු තෙන්නකෝන්ට

Admin