Colombo Today Local News

පොලිසියට ත්‍රීරෝද රථ ගත්තේ පාතාලය මඩින්න ද ? අහන්නේ ආකල්පමය ගැටලු තියෙන පුද්ගලයන් – අමාත්‍ය සරත් වීරසේකර කියයි.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන විට තර්ජිත ගම්මාන ආරක්ෂා කරන්න කුඩා හතරේ අටේ කණ්ඩායම් හැදුවා. කමාන්ඩෝ පුහුණුව ට සමාන පුහුණුවක් දුන්නා. දවසක් මේ අය පිට්ටනියෙ දුවන කොට එතැන සිටි අයෙක් මගෙන් ඇහුවා මේ අයව පුහුණු කරන්නේ ත්‍රස්තවාදීන් ගමට ගහනකොට පැනලා දුවන්නද කියලා. ඒ ඒම පුද්ගලයා බලන ආකල්පය. ඒ වගේම තමයි මේ ත්‍රී රෝද රථ ගේන්නේ පාතාලය මඩින්න ද කියලා අහන්නේ ඒ වගේ ආකල්ප තියෙන අය. උපහාසයට අපි හැමෝම කැමතියි. මෙි සමිබන්ධ කාටූන් ඒකක් තිබිබා. ඒකට මමත් හිනාවුනා. හැබැයි ලංකා වගේ සමාජ මාධ්‍ය වලින් මිනිස්සුන්ට අපහාස කරන රටක් කොහෙවත් නැති බව මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සෞභාග්‍යයෙ නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ විසිතුරු මල් වගාව හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි අලෙවි වෙළෙඳ සංකීර්ණයට මුල්ගල තබන උත්සවයේ දී පැවසීය.

අපි ත්‍රීරෝද රථ ගත්තේ පොලිසියේ සාමාන්‍ය දෛනික රාජකාරින් කරන්න. උසාවියෙන් කියනවා සිතාසියක් දෙන්න කියලා. ඒකට කිලෝමීටර් දහයක් පහළොවක් යන්න වෙනවා. ඒකට ජිප් රථ යන්න ඕනෙ නෑ. පොලිසියකට ජීප් රථ තියෙන්නෙ එකයි නැත්තම් දෙකයි. ඒ අතරතුර යම්කිසි අපරාදයක් වුනොත් ඒතැනට යන්න ජිප් රථයක් නැතිවෙනවා. අනිත් එක තමා පැමිණිල්ලක් කළොත් ඒක දැනුම් දෙන්න ප්‍රකාශ සටහන් කරගන්න ගෙවල් වලට යන්න වෙනවා. පොලිස් මුරපොළවල් තියෙනවා. ඒවයේ පැය 12ක් රාජකාරි කරන නිලධාරීන් මාරු කරන්න ඕනේ. ආහාරපාන ගෙනියන්න වෙනවා. ඒ වගේ දෛනික රාජකාරි කරන්න තමයි පොලිසි වලට ත්‍රීරෝද රථ දුන්නෙ. ඒ වගේම සමහර වෙලාවට බුද්ධි තොරතුරු රැස් කරන්න වෙනවා ඒ වෙලාවට ජිප් රථවල පොලිසිය කියලා ගහගෙන යන්න බෑ. මේ වගේ දෛනික රාජකාරි විශාල සංඛ්‍යාවක් තියෙනවා. බුද්ධිමත් සාමාන්‍ය ජනතාව මේ ගැන දන්නවා. සමහරු මේ ගැන දැනගෙන අපහාස කරනවා නම් ඒක අශීලාචාර කරුණක් විදිහට තමන් දකින බවද මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සදහා කොළඹ සංවර්ධන කමිටු සභාපති මෙිජර් ප්‍රදීප් උදුගොඩ කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න හා අජිත් සුබසිංහ යන මහත්වරැන්ද සහභාගි විය.

Related posts

ඇමතිකමක් නුදුන්නා කියා ජනපතිට එරෙහිව පියසේනත් නඩු යයි…

colombotoday

එජාප පසුපෙළ මන්ත්‍රීවරු 29ක් අලුත් ආණ්ඩුවකට සහය පලකරයි… කොන්දේසි මෙන්න

colombotoday

ජනපති හා පොහොට්ටුවේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් අතර හමුවක්

Admin

සාටකයක් නැතිව මැතිවරණ දිනනු බෑ.. සාටකයක් යටතේ මැතිවරණයට යන්න ශ්‍රීලනිපයේ 98%ක් කැමතියි

colombotoday

අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මතයි

colombotoday

පිටකොටුව තොග වෙළඳපොලෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ මිලදී ගැනීමට හෙට සිට අවසර

colombotoday