Colombo Today Local News

ජනාධිපති සමාව අදාලද නැද්ද සොයා බලා තීරණයක් ගන්නම්. ඥානසාර හිමිට එරෙහි අපෑල කැඳවු අවස්ථාවේ සන්ධ්‍යා එක්නැලිගොඩගේ නීතිඥවරයා කියයි.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී බැන තර්ජනය කළ බවට චෝදනා කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව තිබූ නඩුවකට අදාලව හෝමාගම මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් අභියෝගයට ලක් කරමින් කොටි ඔත්තු කරුවෙකු ලෙස විවිද පාර්ශව විසින් චෝදනා එල්ල කල ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ගොනු කර ඇත ඇපෑල අද(3) දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවනු ලැබීය.

මීට ඉහතදී, හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නඩුවේ තීන්දුව ලබා දෙමින් ඥානසාර හිමියන්ට මාස 6 ක සිර දඬුවමක් පනවනු ලැබීය. කෙසේ වෙතත් ඥානසාර හිමි එම තීන්දුවට එරෙහිව හෝමාගම මහාධිකරණයේ ඇපෑලක් ගොනු කරනු ලැබූ අතර එහි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අදාළ සිරදඬුවම අත්හිටුවීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කරන ලදි. එම තීන්දුව අභියෝගයට ලක් කරමින් සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කර ඇත.

අද (3) නඩුව කැඳවු අවස්ථාවේදී පෙත්සම්කාර සන්ධ්‍යා එක්නැලිගොඩ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පුලස්ති හේවාමාන්න සඳහන් කර සිටියේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දී තිබෙන බැවින් මෙම නඩුවටත්එය අදාලද යන්න සොයා බලා මීලග දිනයේදී නඩුව සම්බන්ධයෙන් පියවරක් ගන්නා බවයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් තිශ්‍ය වේරගොඩ, ඉරේශ් සෙනවිරත්න සහ සංජය මාරඹේ යන නීතිඥවරුන් පෙනී සිටින ලදි.

Related posts

එස්.බී. වැටුණු අසූචි වළට අපිවත් අදින්න හදනවා – විමල්

colombotoday

UAE වල රැකියා කාණ්ඩ දෙකක ලාංකික කාන්තාවන් ලියාපදිංචිය නවතී

Admin

ශ්‍රි ලංකාවට ලකුණු 462 ක අභියෝගාත්මක ඉලක්කයක්… අද තරගයේ සම්පූර්ණ වාර්තාව මෙන්න

colombotoday

“වෘත්තීයවේදීන්ට සහ සංවිධානවලට රජයේ ප්‍රධානීන් කරන තර්ජන හා බියවැද්දීම්වලට අපි විරුද්ධයි” – හෙළ උරුමය

colombotoday

ටෙලි නාට්‍ය නිළි ආක්‍ෂා සුදාරිට වරෙන්තු

colombotoday

උඩවලව ජලාශයෙන් වගා ප්‍රදේශ 70% කට ජලය මුදා හැර අවසන්

Admin