Colombo Today Local News

ඊ නිව්ස් සඳරුවන් ලංකාවට පිටුවහල් කරන්න. බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ගෙන් ජනපති සිරිසේන ඉල්ලයි

එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ සිට, අසැබි වචන භාවිතා කරමින් තම පුද්ගලික වෛරයන් පිරිමසා ගැනීම සඳහා මඩ පුවත් ප්‍රචාරය කරනු ලබන lanka e news නමැති වෙබ් අඩවිය පවත්වාගෙන යන ප්‍රදීප් සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගන්නා ලෙස හෝ ඔහු මෙරටට පිටුවහල් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රිතාන්‍යය රජයෙන් ඉල්ලා ඇති බව එජාපයට සම්බන්ධ වෙබ් අඩවියක් අනාවරණය කර තිබෙනවා .

පැජට් පාරේ පිහිටි තම නිවසේදී බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේස්ම් ඩෝරිස් සමග පැවති හමුවකදී ජනාධිපතිවරයා එම ඉල්ලීම සිදු කර ඇති බවයි ඔවුන් වාර්තා කර සිටින්නේ.

ජනාධිපතිවරයා විවේචනය කරමින්, ඉතා පහත් ලෙස වචන හසුරවමින් ලිපි පළ කිරීමෙන් පසුව එම වෙබ් අඩවිය පසුගිය නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව තුල අවහිර කොට ඇත.

යුද්ධය පැවති සමයේදී ශ්‍රී ලංකා හමුදාව ඉල්ලක්ක කර මෙම වෙබ් අඩවිය විසින් අවලාද නැගීමේ ව්‍යාපාරයක් ගෙන යන ලදි.

Related posts

උ/⁣පෙළ සිසුන් 171,497 දෙනෙකුට විශ්වවිද්‍යාල වරම්: අයැදුම්කරුවන් 49 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවයි..

colombotoday

හොර දැව ඇද්දාට රුපියල් 60,000/= දඩයක්. | ලක්ෂ 50ක් වටිනා ලොරි රථය රාජසන්තකයි.

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් සමග මගේ කිසිම සම්බන්ධයක් නෑ.. එනිසා ඔහු ලංකාවට ගෙන්වන්න බෑ..- අගමැති

colombotoday

‍ඊයේ පාර්ලිමේන්තුවේදී රන්ජන් රටම අන්දලා – කිසිඳු හඩපටයක් සභාගත කර නෑ !

colombotoday

අවිවාහක තරුණයන්ට රජයෙන් තෑග්ගක්…

colombotoday

බෙන් එමර්සන් හොරාගේ අම්මාගෙන් පේන අහලා ! හිටපු කොටින්ගෙන් සාක්ෂි අරන් වාර්තා හදයි..

colombotoday