Colombo Today Local News

සමෘද්ධී බැංකුව, මහබැංකුව යටතට පැවරීම නීති විරෝධීයි… අගමැතිට බලයක් නෑ…

සමෘද්ධි බැංකුව, මහ බැංකුව, යටතට පත්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසුවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොමැතිව එය කළ නොහැකි බව හිටපු ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

සමෘද්ධි බැංකුව, මහබැංකුව යටතට පත්කරන බව අග්‍රාමාත්‍යවරයා පැවැසුවේ එක්සත් ජාතික පක්ෂ මැයි දින උත්සවයකට ඊයේ (06) සහභාගි වෙමිනි.

සමෘද්ධි බැංකුව, මහබැංකුව, යටතට පැවැරීම නීති විරෝධියි. අගමැතිවරයා, එවැනි දෙයක් කිරීමට උත්සාහ කළහොත් ඊට එරෙහිව සටන් කරන බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

දිවි නැගුම පනත 2013 වසරේදී පාර්ලිමේන්තුවේ සම්මත වුණා. එම පනතේ පළමු පරිච්ජේදයේම සමෘද්ධි බැංකුව ගැන සඳහන් කර තිබෙනවා.

එහි සඳහන් කර ඇති පරිදි මෙම බැංකුව කිසිසේත් මහ බැංකුව යටතට පත් කළ නොහැකියි. දිවි නැගුම පනතේ එය පැහැදිලිව සඳහන් කර තිබෙන බවද හෙතෙම කීවේය.

සමෘද්ධි බැංකුව ස්ථාපිත කළේ දුප්පත්, අහිංසක, මිනිසුන්ට ක්ෂණික ණය (ව්‍යාපෘති සඳහා කුඩා සහන ණය ) ලබා දීමට බවත් එවැනි බැංකුවක් රටේ අනිකුත් බැංකුවලට සමාන කළ නොහැකි බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

මෙවැනි බැංකුවක් මහ බැංකුව යටතට පවරා ගැනීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ කරන්නේ අහිංසක මිනිසුන්ගේ ජීවන තත්ත්වය වෙනුවෙන් එකතුවන මුදල් තම පරිභෝජනයට හා ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් පියවා ගැනීමට විය හැකි බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

ලක්බිම

Related posts

අනුරගේ ඉන්දියා-චීන ගිවිසුම් කොළඹට ප්‍රබල මැදිහත්වීමක්

Admin

පළමු ශ්‍රේණියේ පාසල් නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

colombotoday

කාර්යාල දුම්රිය හෙට සිට ධාවනයට | දුම්රිය නතර නොකරන Lockdown ප්‍රදේශ මෙන්න..

colombotoday

යුද්ධය ඉවරකරලත් අපට සැනසිල්ලක් නෑ – සිරගත කළ රණවිරුවෙකුගේ බිරිඳ කදුළු සගවමින් කි හැගීම්බර කතාව

colombotoday

ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනයට අනුමැතිය

Admin

වහාම ක්‍රියාත්මකවන පරිදි අරලිය ගහ මන්දිරයේ සේවකයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවයි

colombotoday