Colombo Today Local News

ඇමති මාරුව විද්‍යාත්මක පදනමකින් කරන්න යයි… සමෘද්ධි, කම්කරු එජාපයට

ජනාධපතිවරයා ලන්ඩන් සංචාරය නිමවා දිවයිනට පැමිණි පසුව සිදුකෙරෙන කැබිනට් සංශෝධනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිව තිබූ සමෘද්ධි හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යධුරය එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන ලෙස එම පක්සය ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

මිට පෙර එම අමාත්‍ය ධුරය දැරූ එස්.බී. දිසානායක මහතා ඉල්ලා අස්වීමෙන් පසුව එහි වැඩ බලන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරන ලද්ලේ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාය.

මේ අතර, දැනට පුරප්පාඩු වී පවතින කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යධුරයද එක්සත් ජාතික පක්‍ෂයට දී ඒ වෙනුවට එක්සත් ජාතික පක්‍ෂයේ ඇමැතිවරයකු හොබවන වෙනත් කැබිනට් අමාත්‍යධුරයක් ශ්‍රීලනිපයට හිමිවනු ඇති බවද එම ආරංචිමාර්ගවලින් පැවැසේ. ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ කම්කරු හා කම්කරු සබඳතා ඇමැතිධුරයේ වැඩබැලීමට දැනට පත්කර ඇත්තේ ද ඇමැති මලික් සමරවික්‍රම මහතාය.

අමාත්‍යාංශවල විෂයන් බෙදීම විද්‍යාත්මක පදනමක් යටතේ සිදුකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර, ඒ අනුව දැනට එක් අමාත්‍යාංශයක් ලෙස පවතින මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍යධුරය, අමාත්‍යාංශ දෙකකට වෙන් කෙරෙනු ඇතැයි පැවැසේ. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සංස්කෘතික විෂයට අදාළ ආයතන රැසක් සංස්කෘතික අමාත්‍යාංශය යටතට පත් කෙරෙනු ඇති බව සදහන් වන අතර ව්‍යවසාය සංවර්ධන, ඉඩම් සහ වෙළෙඳ හා වාණිජ යන අමාත්‍යාංශ තුනටම අයත් සීනි සමාගම් තුනද එක් අමාත්‍යාංශයක් යටතට පත් කෙරෙනු ඇතැයිද පැවසේ.

Related posts

ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

ව්‍යාජ PCR රිපෝට් සැකසූ 3ක් CID අත්අඩංගුවට

colombotoday

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

රට දැය සමය වෙනුවෙන් කිරිබත්ගොඩ හිමියන්ගෙන් ඉල්ලීම් හතක්…. ගෝඨාභය සාදුකාර දී පිළිගනිති !

colombotoday

සිමෙන්ති මිල රුපියල් 350කින් ඉහළ යයි

Admin

ජල ගාස්තු ප්‍රතිපත්තියක් සහ ජල ගාස්තු සූත්‍රයක් එයි

Admin