Colombo Today Local News

“පොහොර හිගය උග්‍ර වෙලා.. ගමට යන්න විදිහක් නෑ” – සජිත්

ඇතිවී තිබෙන පොහොර හිගය සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අතර කැබිනට් රැස්වීමේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

පොහොර ගෙන්වීම සම්පූර්ණයෙන්ම පුද්ගලික අංශයට පැවරීම නිසා මෙම පොහොර හිගය ඇතිව තිබෙන බවත්, කෙසේ වෙතත් හිගයට පිළියමක් ලෙස පුද්ගලික අංශයෙන් පොහොර මෙට්‍රික් ටොන් හතලිස් දහසක් ගෙන්වීමට තීරණය කර තිබෙන බවත් දුමින්ද දිසානායක කෘෂිකර්ම ඇමතිවරයා සදහන් කළේය.

“මේක ඡන්දයක් තියෙන වෙලාව. ‍පොහොර හිඟයක් තියාගෙන අපිට ගමට යන්න බෑ. ඒ නිසා ඉක්මනට මේකට විසඳුමක් ඕන කරනවා” යැයි ඊට පිළිවදන් දෙමින් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා කීවේය. නැවත වරක් පොහොර රුපියල් තුන්සිය පනහට ගොවීන් වෙත ලබා දිය යුතු බවද එහිදී ඔහු කියා සිටියේය.

Related posts

“අපේ දේශපාලන සතුරන් අද එක කදවුරකට ඇවිත්.. අපට වටකරගෙන ගහනවා” නිශාන්ත වර්ණසිංහ

colombotoday

“අදුරෙන් එළියට” නව ව්‍යවස්ථාවට එරෙහිව ගෝඨාගෙන් අලුත් වැඩක් !

colombotoday

වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවතට

colombotoday

ඥානසාර හිමි පාර්ලිමේන්තුවට යන්නැයි ඉල්ලා සත්‍යග්‍රහයක්

colombotoday

එජාප නව මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්

colombotoday

රොහින්ග්‍යා සරණාගතයන් වැටළු අය අත්අඩංගුවට ගන්නවා – රාජිත

colombotoday