ඉක්මනින්ම අරලියගහ මන්දිරයට සහ ජනාධිපති මන්දිරයට කකුල තියන්න බලා සිටින බව සජිත් ප්‍රේමදාස මහතා අද(9) තලවතුගොඩ හෝටලයක පැවති ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලබා දීමේ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.
නව සංවිධායකවරුන්ට පත්වීම් ලබා දීම සහ මන්ත්‍රීවරුන් සඳහා වත්මන් දේශපාලනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් මෙහි දී පැවැත්විණි.
තවත් මන්ත්‍රීවරු රැසක් මාධ්‍යවෙත අදහස් දැක්වූ අතර ජිනීවා යෝජනා පිළිබඳ ගැටලුවේදී රට පැත්තේ හිට ගන්නා බව ද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.