සජිත් ප්‍රේමදාස මහතා කාන්තාව සතු ධෛර්ය හා ශක්තිය බිඳ වැටුණු දේශය ලෝකයේ අංක එකට නැවත පත් කිරීම සඳහා ජීවනාලියක් බවට පත් කර ගත හැකි බව තමන් විශ්වාස කරන බව විපක්ෂ නායක කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ තවමත් රටක් ලෙස අප කාන්තාවන් සතු ධෛර්ය, ශක්තිය අවබෝධ කර නොගෙන සිටීම සම්බන්ධයෙන් කණගාටු වන බවයි.
නව ලෝකයට උචිත දැනුමෙන්,තාක්ෂණයෙන් හා පුළුල් කුසලතාවෙන් කාන්තාව සවිබල ගන්වා පවුලේ හා රටේ ජීවනාලිය බවට පත් කර ගත යුතු බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් පවසයි.