පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ පැවති දානමය පුණ්‍යකර්මය අවස්ථාවේ අනුශාසනාවක් කරමින් අස්ගිරි පාර්ශවයේ අනුනාහිමියන් කරන ලද ප්‍රකාශයෙන් කිසිදු ආකාරයේ නරක දෙයක් උන්වහන්සේ අදහස් කල බවට තමන් නොසිතන බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
උන් වහන්සේ විසින් කියු දෙයිහි අර්ථය ඊට වඩා දුරදක්නා නුවනින් බාර ගැනීමට තමන් කැමති බවද ඇමතිවරයා සදහන් කරයි.
‘අපේ රටට අවශ්‍ය වන්නේ රටට ආදය කරන, ජනතාවට ආදරය කරන, ජනතාවට සෙත සලසන, අපේ කමට ආදරය කරන, ආගම ධර්මය සුරකින පාලනයක්’ යයිද ඇමතිවරයා කියා සිටියේය.