Colombo Today Local News

රාජපක්ෂ පාලනයට සාගලගෙන් තවත් චෝදනාවක්

විදේශිකයින්ට මෙරට ඉඩකඩම් කිසිදු වග විභාගයකින් තොරව විදේශිකයින්ට ලබා දීම වෙනුවෙන් සිතියම් සකස් කළේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී බව ව්‍යාපෘති කළමණාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කර සිටියේ කඹුරුපිටිය බිබුලවෙල ප්‍රදේශයේ විදුලි යෝජනා ක්‍රමයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවේ දී මාධ්‍යෙව්දීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහි දී මාධ්‍යෙව්දීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ශ්‍රී ලංකා – සිංගප්පූරු වන නිදහස් වෙළඳ ගිවිසුම හරහා මෙරට ඉඩම් විදේශිකයන්ට ලබා දෙන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන බවට ඒකාබද්ධ විපක්ෂය විසින් සිදුකරන ප්‍රකාශ සත්‍යයක්ද යන්නයි.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ ද කීය.

විදේශිකයින්ට ලංකාවේ ඉඩම් දෙන්න අලුත් සිතියමක් හැදුවේ අපි නෙවේ. ඒ සිතියම හැදුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ රජය කාලයේයි. පොර්ට් සිටි ව්‍යාපෘතිය ආරම්භ කරලා කිසිඳු බැඳීමක් ඇති නොකරගෙන ඒ ඉඩම්වල අයිතිය වෙන රටකට පවරන්න හැදුවේ ඒ කාලේග අපේ රජය ඇවිත් නැවත ඒ ගිවිසුම හරියට සකස් කරලා ඒ ඉඩම්වල අයිතිය පිළිබඳ පැහැදිළිතාවයක් ඇති කරගෙන අපි කටයුතු කලා.

රටක් දියුණු වෙනකොට අපිට විවධ වෙළඳ ගිවිසුම් අවශ්‍යය වෙනවා. අපේ අපනයන යවන්න අපිට වෙළඳපොළක් අවශ්‍ය වෙනවා. ඒ නිෂ්පාදන යවන්න හේතුවක් තියෙන්න ඕන. වෙළඳ ගිවිසුමක් තියෙන රටවල් දෙකක් අතර ආනයන අපනයන සිදුවෙනකොට විශේෂ සහන ලැබෙනවා. ඉතින් ඒ වගේ වෙළඳ ගිවිසුම් වලින් ලැබෙන වාසි ලබා ගන්න අපි සූදානම් වෙන්න ඕන. රටක් වශයෙනුත් අපි ඒ සඳහා සූදානම් විය යුතුයි. යැයි අමාත්‍යවරයා කීය.

Related posts

මඩින් එපා ගොඩින් එනු ! මට බැරි වු දේ පුතා කරයි – ඇමති රාජිත

colombotoday

මුලතිව් විහාරස්ථාන රැකදෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක්.

colombotoday

ආර්ථික ප‍්‍රශ්නවලට වගකිවයුත්තේ විවෘත ආර්ථිකයේ අනිසි ප‍්‍රතිඵලයි. – හිටපු ජනාධිපති

colombotoday

අපේක්ෂකයෙක්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඇමරිකානු සහ ඉන්දියානු එම්බසි ඩොලර් මලු තෑගි දෙයි

colombotoday

හෙට සිට පාසල් නිවාඩු

colombotoday

බදියුදීන්ට ඇමතිධූරය ලබාදෙනවාට එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරු විරුද්ධයි

colombotoday