Colombo Today Local News

ඇලෝසියස් මෙන්ඩිස් සමාගමේ ගිණුමෙන් කෝටි 100ක අල්ලස් දීලා..

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ ගිණුමකින් රුපියල් කෝටි සියයකට අධික මුදලක් ලබාගෙන එම මුදල විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට තෑගී දී ඇති බව රහස් පොලීසිය විසින් හෙළි කරගෙන ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දුන්නේය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්‍ෂ අර්ජුන් අලෝසියස් සහ ඔහුගේ පියා වූ ජෙෆ්රි ඇලෝසියස් නමැත්තන්ට ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම අයත් බවත්, ඔවුන් දෙදෙනා විසින් පසුගිය පෙබරවාරි 07 වැනිදා දක්වා බිලියන 1.19ක මුදල් ලබාගෙන විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට තෑගී දී ඇති බවත් යසන්ත කෝදාගොඩ මහතා දැනුම් දුන්නේය.

2014 මැයි මස 29 වැනිදා සිට2018 පෙබරවාරි මස 07 දක්වා වසර 3 1/2ක පමණ කාලය තුළදී පිය යුතු දෙදෙනා විසින් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ මුදල් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමට අයත් සෙලාන් බැංකු ගිණුමකට 66 වතාවක් බැරකර ඇතැයි දැනුම් දුන් යසන්ත කෝදාගොඩ මහතා, අවස්ථා 154කදී එම මුදල් නැවත ඉවත් කරගෙන ඇතැයිද අධිකරණයට දැනුම් දුන්නේය.

එමෙන්ම 2018 පෙබරවාරි 07 වැනිදා වන විට අදාළ ගිණුමේ මුදල් අගය රුපියල් බින්දුවක් වශයෙන් සඳහන් වන බවත් පැවසූ කෝදාගොඩ මහතා විවිධ තරාතිරමේ පුද්ගලයන්ට ත්‍යාග ලබාදීම සඳහා එම ගිණුමේ මුදල් උපයෝගී කරගෙන ඇති බවට සාධාරණ සැකයක් මතුවී ඇතැයිද පැවසීය.

Related posts

ශ්‍රී ලංකාව යෝජනා කරන දේශිය යාන්ත්‍රණය මානව හිමිකම් කොමසාරිස්වරිය ප්‍රතික්ෂේප කරයි

colombotoday

හෙට නුවර පාසල් සියල්ල වසා දැමේ

colombotoday

උදයංග වීරතුංගගේ වත්කම් විස්තර අධිකරණයට.. දේපළවලට එරෙහිව තහනම් නියෝග

colombotoday

සීෂෙල්ස් අධිකරණයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකිකයෙකු පත් කෙරේ.

colombotoday

යාපනය දිස්ත්‍රික්කයේ යාපනය ඡන්ද බල ප්‍රදේශය

colombotoday

බේරුවල, අකුරණ, කල්මුණේ ISIS සබදතා ඇති අන්තවාදීන් ගැන බුද්ධි අංශ හෙළි කරයි !

colombotoday