25 C
Colombo
6 April 2025
Colombo Today Local Newsextremism & terrorism activities

පාස්කු කොමිසමේදී රෙද්ද කැඩෙන බදුර්දීන් බේරගන්න සමගි ජන බලවේගය මැකෝ ලඟට

පාස්කු කොමිසමේදී විවිධ තරාතිරමේ පුද්ගලයින් ලබාදෙන සාක්ෂි හේතුවෙන් සමගි ජන බලවේගයේ අපේක්ෂක රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සොහොයුරන් විසින් සහරාන් හෂීම් සමග සිදුකල ගනුදෙනු පිළිබඳව හෙළිවීමත් සමගම දැඩි ලෙස කලබලයට පත්ව සිටින සමගි ජන බලවේගය සිය නියෝජිතයන් දෙදෙනෙකු වහාම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවට යවා තිබෙනවා.

මෙසේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හමුවට යවා ඇත්තේ ශිරාල් ලක්තිලක සහ සුජීව සේනසිංහ යන නියෝජිතයන් දෙදෙනා බවයි The Leader වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ජනාධිතිවරණ විමර්ශන කොමිෂන් සභා දෙකක් සදහා ජාතික ජනමාධ්‍ය ආයතන හා ආණ්ඩුවට හිතවත් මාධ්‍ය ආයතන මේ වන විට පුළුල් ප්‍රචාරය ලබා දෙමින් ඇති බවත්, ජනාධිපති කොමිසන් සභා වෙත පැමිණෙන චූදිතයින්, දේශපානලඥයින්, ආධාරකරුවන්, නරඹන්නන් විසින් අදාළ පරිශ්‍රයේ සිට ‘වොයිස් කට්’ මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් නීතිඥ සජීව සේනසිංහ, මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පෙන්වා දී ඇති බවයි The Leader වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කටයුතු ජනමාධ්‍ය ආවරණයන්ගෙන් “සමගිජන බලවේගය විනාශ කිරීමේ වොයිස්කට් නාටකය” පාලනය කිරීම සදහා පියවර ගන්නා මෙන් සමගි ජන බලවේගයේ නියෝජිතයින් දෙදෙනා මැතිවරණ කොමිෂමෙන් කාරුණිකව ඉල්ලා ඇති බවයි එම වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ.

මෙම කරුණු දැක්වීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ නීතිඥ ශිරාල් ලක්තිලක පැවසුයේ, තම පක්ෂය ඉදිරිපත්කල කරුණු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද පිළිගත් බවයි.

බලලා මල්ලෙන් එලියට පැනීම

“සමගි ජන බලවේගයෙන්” මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බතියුර්දින් සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ද්වේශ සහගත “වොයිස්කට්” මෙහෙයුම මැතිවරණය ඉලක්ක කර ගනිමින් සිදුකරන්නක් බව ද ශිරාල් ලක්තිලක මෙහිදී පැවසු බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත.

මේ අතර පෙරේදා (24) දින හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා, සිය සාක්ෂිය තහවුරු කරමින් සඳහන් කළේ සහරාන්ට ඉන්දියාවට පලා යාමට උපකාර කළ බවට තමන් වෙත ලද බුද්ධි තොරතුරේ පැහැදිලි ලෙස රිෆ්කාන් බදියුදින්ගේ නම සටහන් ව තිබූ බවයි.

The Leader වෙබ් අඩවියට අනුව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති නීතිඥ ශිරාල් ලක්තිලක පැවසුයේ, අපරාධ නඩු විභාග සංග්‍රහයට අනුව අදාල බුද්ධි අංශ නිලධාරියා මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ කරුණු වාර්තා කිරීමකින් තොරව එකවරම කොමිසම් හමුවේ මෙසේ කරුණු දැක්වීම කිසිඳු ලෙසකින් පිළිගත නොහැකි කාරණයක් බවයි.

ජනාධිපති කොමිසම හමුවේ මෙසේ ලබාදෙන සාක්ෂි, හරස් ප්‍රශ්න කිරීමකින් තොරව නීතිය ඉදිරියේ පිළිගැනීමකට ලක්නොවන බව පැවසු ශිරාල් ලක්තිලක, එවැනි සාක්ෂිවල වැදගත්කම සලකා බලා නඩු පැවරිය යුතුද නැද්ද තීන්දු කරන්නේ නීතිපති දෙපාර්තමේන්තු විසින් බව අවධාරණය කර සිටි බව වැඩිදුරටත් වාර්තා කර ඇත.

කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයට පෙර පාස්කු ප්‍රහාරය පිළිබඳව පරිමේන්තු කමිටුවක් මගින් සියලුම මාධ්‍ය කැඳවා පුද්ගලයින්ගෙන් සාක්ෂි විමසීමක් සිදුකල අතර එය සමාජයේ විහිලුවට ලක්විය.

Related posts

බෝරා මුස්ලිම් සමුළුව නිසා බම්බලපිටියේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල වේ

colombotoday

රාජ්‍ය සේවකයින් ලක්ෂ පහමාරකට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් – ඇමති වජිරගෙන් නිවේදනයක්

colombotoday

දෙයියන්ගෙම පිහිටයි: කඩා වැටුණු පාලම හැදූ ඉන්දීය සමාගම ලංකාවෙත් මහල් නිවාස හදයි!

colombotoday

බොදු බලේ දින 14ක් කල් දෙයි ! බොරු අවලාද ගැන කරුණු 24කට පිළිතුරු ඉල්ලා විජයදාසට ලිපියක්

colombotoday

ලුතින්න් කර්නල් ගෝඨාභය සමග යාපනය කොටුව බේරා ගැනීමට ගිය මාරාන්තික මෙහෙයුම !

colombotoday

ඉන්දියාවෙන් වව්නියාවට පැමිණි පිරිසක් මුල් ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයක

colombotoday