Colombo Today Local Newsfeatured

පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම. | නඩුව අසා නිමවනතෙක් රිෂාඩ් බදියුදීන් ඇතුලට

අද (10) අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඊට අදාළ නඩුව නිමවනතෙක් බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

සැකකාර මන්ත්‍රීවරයා ලබන 18 වනදා යලි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සහ සබඳතා පවැත්වීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් පසුගිය අප්‍රේල් 24 අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසක දීය.

අනතුරුව ඔවුන් දෙදෙනාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා‍ගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝගයක් ලබාගත්තේය.

Related posts

අගමැතිට තදබල අපලයක්.. දකුණු ඉන්දියාවේ කෝවිලක මහා පූජාවක් !

colombotoday

ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය

Admin

මහින්ද අගමැති ලෙස දිවුරුම්දීම 09 වන ඉරිදා

colombotoday

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් සියයට 4.4කින් අඩු වෙයි

Admin

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබන මස ශ්‍රී ලංකාවට.

colombotoday

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට බලපෑම්.. නිවාස 483කට හානි

colombotoday