Colombo Today Local News

දැරියක් මෙහෙකාර සේවයේ තබාගත් රිෂාඩ් සහ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාරියක් ලෙස සේවය කරමින් සිටි දැරියක් පිච්චි මියයාමේ සිද්ධිය සම්බන්දයෙන් ඩෑන් ප්‍රියසාද් අද (16) අදහස් දක්වා සිටියා.

අදාළ දැරියට වයස 16 යි මාස 8ක් වන බවත් දැරිවිය මෙහෙකාර සේවයේ යොදවාගෙන වසර කීයක්ද යන්න පළමුව සොයා බැලිය යුතු බවත් 16 ට අඩු දැරියක් මෙහෙකාර සේවයේ යොදවා ගැනීම බරපතල වරදක් බැවින් රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත යුතු බවත් ඩෑන් ප්‍රියසාද් එහිදී සඳහන් කර සිටියා.

20 වන සංශෝදනයට 4 දෙනෙක් අත උස්සපු නිසා මෙය යට ගැහ්නවදැයි තමන්ට සිතෙන බවත් දැරියගේ දෙමාපියන්ට මිලමුදල් ලබා දී මෙය යටගැසිය හැකි බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසීය.

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට අවසර පත් අදාළ පොලිස් ස්ථානයෙන්

colombotoday

ඉන්දියානු විශ්ව විද්‍යාලයක් ලංකාවට එයි.. යෝජනාව කැබිනට් අනුමැතියට !

colombotoday

සිතුසේ ගෙන්නපු සතොසේ ටොන් 70,000ක සහල් මගඩිය…

colombotoday

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම්

Admin

විදුලි බිල වැඩි කිරීමට එරෙහි වූ ජනක රත්නායක ඉවත් කරන්න පොහොට්ටුවේ පුර්ණ සහය

Admin

සිලින්ඩර් වේදිකාවේ මහින්දට තුති පුදයි

Admin