Colombo Today Local News

ඇමතිකම ලැබේද ? රවී ගැන නීතිපති වාර්තාව අද!

මහ බැංකු බැඳුම්කර සිද්ධියට හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතාගේ පැවැති සම්බන්ධය පිළිබඳ නීතිපතිවරයාගේ විශේෂ වාර්තාවක් අද (12) දිනයේ අගමැති කාර්යාලය වෙත භාර දීමට නියමිත බව වාර්තා වේ.

බැඳුම්කර කොමිසම් වාර්තාවේ සඳහන් කරුණු වලට අනුව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා කිසියම්ම හෝ වරදක් කර ඇද්දැයි සොයා බලා නිරීක්ෂණ වාර්තාවක් ලබාදෙන ලෙස අගමැතිවරයා විසින් මිට ඉහත දී නීතිපතිවරයා ගෙන් කල ඉල්ලීමට අනුව එම වාර්තාව පිළියෙළ කර ඇත.

අදාළ වාර්තාව නිර්දේශ සම්බන්ධයෙන් අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ජාවක් මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිත අතර එහිදී රවි කරුණානායක මහතාට යළි අමාත්‍යධූරයක් ලබා දීම සම්බන්ධයෙන් තීරණය ගනු ඇතැයි පැවසේ.

ජනාධිපතිගේ විරෝධයක් නැහැ !

තමාව යළි කැබිනට් අමාත්‍යධුරයට පත් කරනවාට කිසිදු විරෝධතාවයක් නැති බව ජනාධිපතිවරයා තමාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පසුගිය දා පැවති එක්සත් ජාතික පක්ෂ දේශපාලන කමිටු රැස්වීමේ දී ප්‍රකාශකර තිබිණ.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම් වාර්තාව ප්‍රකාශයට පත්වීමත් සමග සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අසවු රවී කරුණානායක මහතා, තම නිර්දෝෂිභාවය සහතික වූ පසු යලි අමාත්‍ය ධුරය බාර ගන්නා බව ප්‍රකාශ කර තිබිණ.

 ‘රවී දුන් නියෝග යුක්ති සහගතයි’

ආන්දෝලනාත්මක බැඳුම්කර වෙන්දේසියේදී හිටපු මුදල් ඇමති ලෙස රවී කරුණානායක මහතා, රාජ්‍ය බැංකුවලට ලබාදී ඇති නියෝග හා උපදෙස්, යුක්තිසහගත සහ සාධාරණ බව බැඳුම්කර සිද්ධිය සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම තහවුරු කර ඇති බැවින් නීතිපතිවරයාගේ වාර්තාවෙන් ද රවී කරුණානායක මන්ත්‍රීවරයා නිර්දෝෂී පුද්ගලයකු ලෙස තවදුරටත් තහවුරු වනු ඇතැයි ඔහුගේ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු පැවසීය.

ඒ අනුව රවී කරුණානායක මහතා ඉදිරි දින කිහිපය තුලදීම යළි අමාත්‍යවරයකු ලෙස දිව්රුම් දීමට ඉඩ ඇතැයි එම නීතිඥයා විශ්වාසය පල කළේය.

Sri Lanka Mirror

Related posts

ඉන්දියාවේදී ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණ සම්මාන 7ක් !

colombotoday

සියලු මාධ්‍ය නියාමනයට විකාශන අධිකාරියක් පිහිටුවීමට අවධානය

Admin

“LTTEයේ සහය නොවෙන්න, ලංකාවේ තවමත් පෝලියෝ” රොටරි සමුළුවේදී අගමැතිගෙන් කොටින්ට පැසසුම්

colombotoday

ලයිට් බිල අඩු කරන්නේ සෝලා පැනල් ගැහුවට පස්සේ

Admin

චීනුන් දස ලක්ෂයක් ලංකාවට ඇතුළුවීමට වීසා ඉල්ලති.. වරයා ගනුදෙණුව යට සුපිරි කොමිස් ගැහිල්ලක් !

colombotoday

පාරවල් මාරු වෙයි, කොළඹ ගමන් අලුත් වෙයි.

colombotoday