Colombo Today Local News

භික්ෂු වෙසින් පුද්ගලයෙකු රැස්වෙහෙරට. අපරාධයකට පැමිණියා දැයි සැකයක්. | තොරතුරු ඇතොත් දැනුම්දෙන්න.

ඊයේ දහවල් කාලයේ මීගලෑව පොලිස් වසමේ රැස්වෙහෙර රජමහා විහාරයට එක්තරා පුද්ගලයෙකු බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ලෙස පෙනී සිටිමින් පැමිණ තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටිනවා.

එසේ පැමිණීමෙන් අනතුරුව එම පුද්ගලයා ගැන සැක සිතූ විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු අසල පිහිටි කැලෑවකට පලාගොස් තිබෙන බවත් එම කැලෑව කහල්ල රක්ෂිතය ලෙස හඳුන්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඊයේ සිට මේ දක්වා කාලය තුළ පොලිස් නිලධාරීන් සහ ගම්වැසියන් විසින් මෙම කැලෑව ආශ්‍රිතව මෙහෙයුමක් දියත් කර තිබෙන බවත් මේ පුද්ගලයා යම් අපරාධයක් සිදු කිරීමට පැමිණ ඇතැයි අනුමාන කෙරෙන බවත් පහත දක්වා ඇති රූපයට සමාන පුද්ගලයකු පිළිබඳව යම් තොරතුරක් වෙතොත් මීගලෑව පොලිස් ස්ථානාධිපතිවරයාගේ 071 859 1287 දුරකථන අංකය දැනුම් දෙන ලෙසත් අජිත් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

පොලිස් මාධ්‍ය ප්‍රකෂකවරයාගේ නිවේදනය….

Related posts

විශ්වාසභංගයෙන් දිනුවේ අගමැති නෙවෙයි දෙමළ සන්ධානයයි.. අගමැති ආලවක යකාට අහුවුණා වගේ !

colombotoday

රුහුණේ කුලපති නෙරපීම ආණ්ඩුවේ මිනී වළ කපා ගැනීමක්

Admin

මහබැංකුවට “කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත වගේ” කොටි සබදකම් නැති සුදුස්සෙක් ආණ්ඩුවට නැද්ද!

colombotoday

වෙනසක් ඕන බව පේනවා – ජනපති කියයි

colombotoday

පිල්ලයාන් රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරයි

colombotoday

රනිල් පිලත් සජිත් පිලත් අතහැර දේශපාලනයෙන් සමු ගන්නා රෝසි

colombotoday