Colombo Today Local Newsfeatured

පිළිකාකාරක පොල් තෙල් ප්‍රචාරය පිටුපස පාම් ඔයිල් කැවීමේ කුමන්ත්‍රණයක්. | සිද්ධිය පිටුපස විදේශ ඔත්තුකාරයෙක්? | සියල්ල හෙළි කරනවා.

පොල් තෙල් පරිභෝජනය නවතා දමා ශ්‍රී ලාංකිකයින්ට පාම් ඔයිල් කැවීමේ කුමන්ත්‍රණයක් දියත්ව තිබෙන බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කුමන්ත්‍රණය පිටුපස විදේශ ඔත්තු කරුවෙක් සිටීදැයි සැකයක් තිබෙන බවත් පිළිකාකාරක පොල් තෙල් ප්‍රචාරය මගින් සීනි බදු වංචාව යට ගැසීමේ උත්සහයක් තිබෙන බවත් සඳහන් කර සිටියි.

මෙරට පරිභෝජනය කරනු ලබන පොල්තෙල් වල පිළිකා කාරක අඩංගු බවට සමාජය තුළ මතයක් ඇති කොට පාරිභෝගිකයින්ට වැඩි වැඩියෙන් පාම් ඔයිල් කැවීමේ කුමණ්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට තොරතුරු තම සංවිධානයට ලැබී ඇති බවත් එම කුමණ්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සදහා භාරදී ඇත්තේ විදේශීය ඔත්තු කරුවෙකුයැයි මෑත කාලයේදී චෝදනා ලැබී පුද්ගලයෙකුටයැයි සැක කරන බවත් විතානගේ මහතා නිකුත් කල මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත.

විදෙස් ඔත්තුකරුවෙකු බවට චෝදනා ලැබූ පුද්ගලයා පසුගිය කාලය පුරාම පොල්තෙල් පිළිබදව සමාජය තුළ අනිසි බියක් ඇති කල පුද්ගලයෙකු බවත් ඔහු පිළිබදව කරන ලද සියුම් සොයා බැලීමකදී තහවුරුවී ඇති බවත් මොහු පොල් තෙල් මෝලක් හිමි මේ වන විට බංකොලොත් වී ඇති ව්‍යාපාරිකයෙකු මෙම කටයුත්ත සදහා ඉත්තෙකු ලෙස යොදා ගෙන ඇති බවද පෙනී යන බව මාධ්‍ය නිවේදනයෙන් වැඩිදුරටත් අනාවරණය කර ඇත.

ජනතාවට වස විස නැති පොල් තෙල් මිලට ගැනීමට අවස්ථාව ලබාදීම රජයේ වගකීම වන අතර වසවිස සහිත පොල්තෙල් අලෙවි කරනු ලබන සමාගම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ඉතාම ඉක්මනින් කලයුතුව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් පෙන්වා දෙයි.

පාරම්පරිකව මෙරට පාරිභෝගිකයින් විසින් පරිභෝජනය කල පොල්තෙල් සදහා පාම් ඔයිල් විකල්පයක් නොවන බව අවධාරණය කර සිටින එම සංවිධානය මෙරට පොල්තෙල් පරිභෝජනයෙන් පාරිභෝගිකයා ඉවත් කිරීමට කුමණ්ත්‍රණය කරනු ලබන පුද්ගලයින් හා සමාගම් පිළිබදවත් ඉදිරියේදී හෙළිදරව් කරන බවද සදහන් කර සිටියි.

Related posts

කුඩ්ඩා නැළවූ පෑළියගොඩ පොලිස් ලොක්කා දැලේ…

colombotoday

සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම ඇරඹේ

Admin

නීති විරෝධි වැඩකට ගෙනා “කුරාණය” පොත් තොගයක් අත්අඩංගුවට

colombotoday

එට්කා ගිවිසුම පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නවා.. ඊට පසු අත්සන් කරනවා

colombotoday

ශ්‍රීලංකා නිදහස් පක්ෂයයේ සහය ගෝඨාට. තීන්දුව ප්‍රකාශයට පත් කිරීම හෙට

colombotoday

හෙරොයින් ජාවාරම් කළ කාන්තාවක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු පොලිස් දැලේ පැටලෙයි

colombotoday