BusinessColombo Today Local News

පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීම වහා හකුලා ගනු.

පාන් බනිස් හා බේකරි නිෂ්පාදන මිල වැඩිකිරීම පිළිබඳව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය…

පාන් බනිස් හා බේකරි නිෂ්පාදන මිල වැඩිකිරීම.

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දිනෙන් දින වැඩිවෙන මෙම අවස්ථාවේ බේකරි හිමියන්ගේ සංගමය විසින් පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීමට කටයුතු කලහොත් පාරිභෝගිකයින් දැඩි අසීරුතාවයකට පත්වේ. තම පාරි‌භෝගිකයින් එනම් උදේ සවස පාන් ගෙඩිය බනිස් ගෙඩිය මිලදී ගන්නා පාරිභෝගිකියින් කොවිඩ් වසංගතයෙන් පීඩා විදින අවධියක මෙසේ මිල වැඩි කිරීමට කටයුතු කිරීම කොතරම් මානුෂිකදැයි අපි බේකරි හිමියන්ගේ සංගමයෙන් අසා සිටින අතර ඒ පිළිබදව ඔබගේ හෘදසාක්ෂියෙන් විමසා බලන ලෙසද ඉල්ලා සිටිමු.

මිනිසුන් හුස්ම ඉල්ලා මහමග වැද වැටෙද්දී හා රෝහල් මෘත ශරීරාගාර පිරී යද්දී බේකරි හිමියන් විසින් පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීමට කටයුතු කිරීම අපි පිළිකුලෙන් යුක්තව හෙළාදකින අතර ඔවුන්ට නිෂ්පාදන අමුද්‍රව්‍ය පිළිබදව කිසියම් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබදව රජය සමග සාකච්ඡා කරන ලෙසද ඉල්ලා සිටිමු.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකික පාරිභෝගිකයාට නිසි ප්‍රමිතියෙන් යුක්ත පාන් ගෙඩියක් බනිස් ගෙඩියක් මිලදී ගැනීමට තවම අවස්ථාවක් නැත. විවිධ කඩවල අලෙවි කරන පාන් බනිස් වල මිල හා බර විවිධාකාරය. තත්වය එසේ තිබියදී එම භාණ්ඩවල මිල පමණක් වැඩි කිරීමට සෑම විටම අදාල සංගමය කටයුතු කරමින් සිටීම ඉතාම කණගාටුදායක වන අතර එකී නිෂ්පාදන වල ප්‍රමිතිය පිළිබදවද සොයා බැලීමට කටයුතු කරන ලෙස එම සංගමයට අපි ඇරයුම් කරමු.

වර්තමාන කොවිඩ් තත්වය පිළිබදව සළකා බලා එළබෙන සදුදා සිට පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීමට ගත් තීරණය වහා හකුලා ගන්නා ලෙස අපි බේකරි හිමියන්ගේ සංගමයෙන් මෙරට පාරිභෝගිකයින් වෙනුවෙන් තවදුරටත් ඉල්ලා සිටිමු.

මීට විශ්වාසී,
රංජිත් විතානගේ – සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

කාටත් ඕන මාව යවා ගන්නනම් මම යනවා – පොලිස්පති හැගුම්බර වෙයි

colombotoday

ඡන්ද පොරොන්දු ඉටු කරන්න අසීරු තත්ත්වයක්

Admin

සතිපොළ මැද මහ දවල් එක් දරුපියා කපා කොටා මරයි. කුකලක් වෙන් වෙලා

colombotoday

ඇමතිලාට වාහන ගන්න කෝටි 79ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතු 11 සඳුදා ඇරඹෙයි

colombotoday

ඉන්දීය ගිලන් රථ සේවය හැමදාම නිකං බෑ… ගානක් අය කරගන්න වෙයි – නි. ඇමති හර්ෂ

colombotoday